News Line| Off Air
Generic placeholder image

Feb
3

රට යන්න මොණරෙක් ඇවිත් ගුවන්තොටුපලේ කලබලයක්. – VIDEO සහිතයි.

781 Views


රට යන්න මොණරෙක් ඇවිත් ගුවන්තොටුපලේ කලබලයක්. – VIDEO සහිතයි.

සාමාන්‍යයෙන් පිටරට යද්දී අපට ගුවන් ප්‍රවේශපත්‍ර වෙන් පුළුවන් ක්‍රම කිහිපයක් තියෙනවා. ඒ අතරින් විදේශ රටවල් වල තියෙන ජනප්‍රියම ක්‍රමයක් තමයිඅන්තර්ජාලයෙන් ටිකට් පතක් වෙන් කරවගන්න එක. ඉතින් මේ විදිහට ටිකට් දෙකක් වෙන් කරගෙන, එක ටිකට් පතක සංචාරකයා විදිහට මොණරෙක් ආව කතාවක් විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

තමන්ගේ චිත්තවේගාත්මක සහායක ලෙස මොණරෙක් එක්ක ගුවන් ගමනකට සූදානම් වුන කාන්තාවකගේ ගමන් වාරය අත්හිටුවන්න, අමෙරිකාවේ තියෙන යුනයිටඩ් ගුවන් සේවයට සිද්ධ වෙලා තියෙනවා.

ඇය තමන්ගේ ගුවන් ප්‍රවේශ පත්‍රය එක්ක කුරුල්ලකු සඳහාත් ප්‍රවේශ පත්‍රයක් අන්තර්ජාලය හරහා වෙන් කරවගෙන තියෙනවා. මේ ගමනට සූදානම් වෙලා ගුවන් තොටුපළට ආව වෙලාවේදී තමයි මේ අකරතැබ්බයට මුහුණ දීලා තියෙන්නේ.

ගුවන් සේවයේ නිලධාරින් කියන්නේ කුරුල්ලකු වෙනුවෙන් ප්‍රවේශ පත්‍රය වෙන් කරගෙන තිබුනත් එම කුරුල්ලා අදාළ බර සහ ප්‍රමාණය තුළ නොසිටි බවයි. මේ කාන්තාව තම කුරුල්ලා සඑක්ක ගුවන් තොටුපළට ආව වෙලාවේ තමන් විමතියට පත් වූ බව එම ගුවන් සමාගම කියනවා.

චිකිත්සක සතුන් අරගෙන යන්න මානසික ගැටලු තියෙන සමහර මගීන්ට ගුවන් යානා වලින් ඉඩ ලබා දීලා තියෙනවා. ඒ නිසාම මේ විදිහට සත්තු අරගෙන යන එක වැඩි වෙලා වගේම ඒ සඳහා අදාළ රෙගුලාසි උල්ලංඝණයවීම් ද වැඩි වෙලා කියලයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

මිට අවුරුද්දකට විතර කලිනුත් , මැද පෙරදිග ගුවන් යානයක කුරුල්ලෝ 80 දෙනෙකු ගමන් කරන අයුරු දැක්වෙන ඡායාරූපයක් අන්තර්ජාලයේ දකින්න ලැබුනා.

https://youtu.be/0AevlbMEqEg


News Articles
Latest Videos
Most Popular Post