News Line| Off Air
Generic placeholder image

Feb
4

හැමෝගෙම උපන් දිනය මතක් කරලා දෙන Facebook, අද සද්ද නැතුව උපන් දිනය සමරයි.

762 Views


හැමෝගෙම උපන් දිනය මතක් කරලා දෙන Facebook, අද සද්ද නැතුව උපන් දිනය සමරයි.

Facebook කියන්නේ ලෝකයේ ලොකුම සමාජ මාධ්‍ය ජාලය. අැත්තටම මේ වෙද්දී ලෝකය පුරාම ලොකු රැල්ලක් හදන්න Facebook එකට පුළුවන් වෙලා තියෙනවා. එ් තරමටම මිනිස්සුන්ගේ ජීවිතවලට ලොකු බලපෑමක් කරන්න Facebook එකට හැකියාවක් තියෙනවා.

හැමදාම උදේට Facebook එන අයට එදා දවසේ උපන්දිනය සමරන යාලුවෝ කවුද කියලා පෙන්නනවා. හැබැයි අද Facebook එක එක්කෙනෙක්ගේ උපන්දිනයක් හැමෝගෙන්ම හැංගුවා. එ් වෙන කාගෙවත් නෙවෙයි Facebook එකේම උපන්දිනය.

Facebook එකට අදට අවුරුදු 14 ක් වෙනවා. 2004 පෙරවාරි 04 වෙනිදා තමයි මාර්ක් සකර්බර්ග් Facebook අාරම්භ කරේ. මේ අවුරුදු 14 තුලදී දැවැන්ත ගමනක් Facebook අාවා. නමුත් අද සද්ද නැතුවම ඔවුන් 14 වන සංවත්සරය සමරනවා.

සුභම සුභ උපන්දිනයක් වේවා කියලා සියත 24 අපි Facebook එකට සුභ පතනවා.


News Articles
Latest Videos
Most Popular Post