News Line| Off Air
Generic placeholder image

Latest Posts










Feb
4

කෝලිගේ මඟුල් මුද්දේ රහස මෙන්න.

704 Views


කෝලිගේ මඟුල් මුද්දේ රහස මෙන්න.

විරාත් කෝලි කියන්නේ වරතමානේ ලෝක ක්‍රිකට් පිටියේ ඉන්න සුපිරිම තරුව. ගිය අවුරුද්දේ එක පිට එක පුවත් මවන්න කෝලි සමත් වුණා. එ් කෝලිගේ සහ අනුෂ්කාගේ විවාහය නිසා.

ගිය අවුරුද්දේ දෙසැම්බර්වල විවාහ වුණ කෝලි විවාහය නිසා ලංකාව එක්ක තිබ්බ තරඟාවලියට ක්‍රීඩා කරෙත් නෑ. 2018 අවුරුද්දේ ඔහු ඉස්සෙල්ලාම වැඩ පටන් ගත්තේ දකුණු අප්‍රිකාව එක්ක තියෙන ටෙස්ට් තරඟාවලියේ. දෙවෙනි ටෙස්ට් තරඟයේදී විශිෂ්ඨ ඉන්මක් ක්‍රීඩා කල කෝලි ලකුණු 150 ක් ලබා ගත්තා.

හැබැයි ඊට වඩා හැමෝගේම අවදානය දිනා ගත්තේ කෝලි කරපු වෙන දෙයක් ගැන. ලකුණු 150 ලබා ගත්ත වෙලේ ඔහු බෙල්ලේ තියෙන මාලයේ රඳවාගෙන ඉන්න මංගල මුද්ද සිප ගත්තා. අලුත බැඳපු මනමාලිට පේන්න එහෙම කරා කියලා තමයි හැමෝම කිව්වේ. කොහොම වුනත් එ් වෙලාවේ අනුෂ්කා නම් ක්‍රීඩාගාරයේ හිටියේ නෑ. අැය හිටියේ Zero චිත්‍රපටියේ රූගත කිරීම්වල.

කෝලිගේ හැම සාර්ථකත්වයදීම ඔහුගේ අාදරණීය බිරිද සිහිපත් වෙන්න තමයි මංගල මුද්ද බෙල්ලේ එල්ලගෙන ඉන්නේ.


News Articles
Latest Videos
Most Popular Post