News Line| Off Air
Generic placeholder image

Feb
5

ලග්න දෙකක් අද මිතුරන්ගෙන් ප්‍රවේසම් විය යුතුයි.ඔබේ ලග්නයට කොහොමද කියලා මෙතනින් බලන්න.

974 Views


ලග්න දෙකක් අද මිතුරන්ගෙන් ප්‍රවේසම් විය යුතුයි.ඔබේ ලග්නයට කොහොමද කියලා මෙතනින් බලන්න.

අද පෙබරවාරි මස 05 වනදා
රාහු කාලය  දිවා කාලය උදෑසන 07.57 සිට09.26 දක්වා, රාත්‍රී කාලය සඳහා රාහු කාලය රාත්‍රී 07.51 සිට 09.22 දක්වා 
සුභ දිශාව: නැගෙනහිර
අසුභ දිශාව: වයඹ   

 

 

මේෂ ලග්නය

කොන්ද තුනටිය හා මුත්‍රාශය ආශ්‍රිත රෝග වලින් පීඩා ඇතිවන දිනයකි. ආගමනුකුලව දිනය ආරම්භ කරන්න. ලිපි ලේඛන ආශ්‍රිත කටයුතු වලට මෙන්ම කළා නිර්මාණ වලටද ඉතාම සුභ දිනයකි.
ජය වර්ණය: විසිතුරු  පැහැය                                             ජය අංකය: 05

වෘෂභ ලග්නය

හවුල් ව්‍යාපාර වලට වෙනදට වඩා උනුදුවක් දක්වන දිනයකි. කෙටි ගමන් බිමන්ද ඇතිවිය හැකි දිනයකි. තම දු දරුවන්ගෙන් පවා වාසි ඇතිවන දිනයකි. සමාජය තුල සේවයට කැමති වන ඔබ අද දින පිනට දහමට යොමු වන ඉඩකඩ වැඩියි.
ජය වර්ණය: ලා නිල් පැහැය                                                           ජය අංකය: 07

මිථුන ලග්නය

ජවසම්පන්නව කටයුතු කළහැකි දිනයකි. කරන සෑම කටයුතුතකින්ම ජය ලබාගත හැකි දිනයක් වන අතර වාග් ශක්තිය ඉතා ඉහල දිනයකි. ඉවසීමෙන් හා කල්පනාකාරීව වැඩ කටයුතු කිරීමට වග බලාගන්න.
ජය වර්ණය: ලා දම් පැහැය                                                        ජය අංකය: 05

 

කටක ලග්නය

තාක්ෂණික මෙවලම් හා මානව සම්පත් කළමනාකාරය ආශ්‍රිත කටයුතු වලට ඉතාම සුභ දිනයකි. බොහෝ දෙන ඔබේ උදව් සොයා එන දිනයකි. සැලසුම් සහගතව කටයුතු සම්පාදනය කරනගීම වඩාත් යහපත්. ආගමානුකුලව දිනය ආරම්භ කරන්න.
ජය වර්ණය: ක්‍රීම් පැහැය                                                 ජය අංකය: 09

සිංහ ලග්නය

රැකි රක්ෂා හා ව්‍යාපාර කටයුතු වල නවතාවයක් ඇතිවන දිනයකි. දකින දකින දේ මිලදී ගැනීමට නොයන්න. පාලනයකින් යුතුව කටයුතු කිරීම වඩාත් වැදගත්. අන් අයගේ ආකර්ෂණය ලැබෙන සතුටින් ගෙවිය හැකි දිනයකි.
ජය වර්ණය: රතු පැහැය                                                  ජය අංකය: 07

කන්‍යා ලග්නය

දෛනික වැඩ කටයුතු වලි තම මිතුරන්ගෙන් වනදාට වඩා ප්‍රවේසම් විය යුතු දිනයකි. ගමන්බිමන් වැඩි වන දිනයකි. පපුව ආශ්‍රිත රෝග පවා ඇතිවිය හැකි බැවින් කල්පනාකාරීව කටයුතු කරන්න. ජලය අශ්‍රිතව වඩාත් ප්‍රවේසම් විය යුතු දිනයක්.
ජය වර්ණය: ක්‍රීම් පැහැය                                                 ජය අංකය: 4

 

තුලා ලග්නය

චිත්ත පීඩා හා මානසික අසහනතා ඇතිවිය හැකි දිනයකි. එබැවින් වගකීම් නිසි ලෙස කළමනාකරණය කරගැනීමට වග බලාගන්න. නව  නිර්මාණ තුලින් එන අයගේ වැඩි ආකර්ෂණය දිනාගත හැකි දිනයකි.
ජය වර්ණය: ක්‍රීම් පැහැය                                                     ජය අංකය: 6

 

වෘශ්චික ලග්නය

 

බොහෝ කටයුතු වඩාත් පහසුවෙන් කරගැනීමේ හැකියාව පවතින දිනයකි. අන් අය ඔබ ගැන වඩාත් විශ්වාස කරයි. රැකියා හා ව්‍යාපාර කටයුතුද යහපත් වන දිනයකි. ලිපි ලේඛන ආශ්‍රිත කටයුතු වලින්ද බොහෝ දියුණුවක් අපේක්ෂා කල හැකි දිනයකි. ආගමනුකුලව දිනය ආරම්භ කිරීම වඩාත් යහපත්.
ජය වර්ණය: රතු පැහැය                                               ජය අංකය:09

 

 

ධනු ලග්නය

වෙනදට වඩා කල්පනාකාරීව මහන්සි වී වැඩ කටයුතු කල යුතු දිනයකි. රැකියා හා ව්‍යාපාර වලට ඉතාම සුභයි. කායික ශක්තිය දුර්වල වන මුත් මානසික ශක්තිය ඉතාම යහපත් දිනයකි. ආමාශගත රෝග තිබේනම් වහාම ප්‍රතිකාර සඳහා යොමුවීම වැදගත්. සැලසුම් සහගතව දිනය ආරම්භ කරන්න.
ජය වර්ණය: ලා නිල් පැහැය                                              ජය අංකය: 07

 

 

මකර ලග්නය

තාක්ෂණික මෙවලම් ආශ්‍රිත කටයුතු වලින් සාර්ථකත්වය උදා කරගත හැකි දිනයකි. නව අදහස් පහල වන දිනයක් වන අතර අන් අයගේ වැඩි ගෞරවයද නොමදව ලැබෙන දිනයකි. කොන්ද හා තුනටිය ආශ්‍රිතව රෝග ඇතිවීමේ වැඩි ඉඩකඩ පවතියි. සෞඛ්‍ය පිළිබඳව වඩාත් සැළකිලිමත් වන්න.
ජය වර්ණය: ලා දම් පැහැය                                                           ජය අංකය: 07

 

 

කුම්භ ලග්නය

ආදායම් තත්වය ඉහල යන සුභ දිනයකි. සමාජ ගෞරවයද නොමදව ලැබෙන දිනයකි. ජීවිතයට නව බලාපොරොත්තු එකතු කරගන්න. පවුලේ අය සමඟ සතුටින් කාලය ගත කළහැකි දිනයකි. කෙසේ වුවත් මිතුරන්ගෙන් ප්‍රවෙසම්ව කල්පනාකාරීව වැඩ කටයුතු කරගෙන යෑමට වග බලාගන්න.
ජය වර්ණය: දීප්තිමත් රතු පැහැය                                                        ජය අංකය: 09

 

 

මීන ලග්නය

රැකියා හා ව්‍යාපාර කටයුතු උනන්දුවෙන් ආරම්භ කරන්න. ජවසම්පන්නව වැඩ කටයුතු කරගෙන යා හැකි දිනයකි. තරග ආදියෙන් බොහෝ පහසුවෙන් ජය ගැනීමේ හැකියාව පවතින දිනයකි. කල්පනාකාරීව හා සැලසුම් සහගතව දිනය ආරම්භ කරන්න. වඩාත් සුභ දිනයක් වේවි.
ජය වර්ණය: ලා දම් පැහැය                                                   ජය අංකය: 07
ප්‍රවීණ ජ්‍යෝතිෂවේදී කැලුම් ගුණතිලක
දුරකථන: 076 676 53 53   


News Articles
Latest Videos
Most Popular Post