News Line| Off Air
Generic placeholder image

Feb
5

ලංකාවට දිනන්න බැරිවුණ හේතුව දිමුත් කරුණාරත්න කියයි.

1185 Views


ලංකාවට දිනන්න බැරිවුණ හේතුව දිමුත් කරුණාරත්න කියයි.

පහුගියදා අවසන් වුණ ශ්‍රී ලංකාව සහ බංගලාදේශය අතර ටෙස්ට් තරඟයේදී වැඩි වාසි ලැබුණේ පිතිකරුවන්ට. දෙපිළේම පිතිකරුවන් හිතේ හැටියට ලකුණු රැස් කරා. ගොඩක් අය කිව්වේ මේ තණතිල්ල ටෙස්ට් තරඟවලට හරි යන්නේ නෑ කියලා.

තරඟයෙන් පස්සේ ශ්‍රී ලංකාවේ අාරම්භක පිතිකරු දිමුත් කරුණාරත්න තණතිල්ල ගැන කතා කරා. “බංගලාදේශ කණ්ඩායම පළවෙනි ඉනිමට ලකුණු 500 ක් ගත්තත් අපේ පිතිකරුවන් ලකුණු 700 කට වඩා ලකුණු ගත්තා. මම හිතන්නේ නෑ මේ තණතීරුව ටෙස්ට් තරඟ සඳහා යෝග්‍යයි කියලා. මොකද තරඟාවලිය පුරාම මේ විකට්ටුවේ ලකුණු 1500 කට වඩා රැස් කළා.” කියලයි දිමුත් තණතිල්ල ගැන කිව්වේ.

ඊළඟ තරඟයේදී පන්දු යවන්නන්ටත් වාසි ලැබෙන තණතිල්ලක් ලැබෙයි කියලා බලාපොරොත්තු වෙන බව දිමුත් කිව්වා එ් වගේම පළවෙනි ටෙස්ට් තරඟයේදී සුපිරි ඉනිමක් ක්‍රීඩා කරපු මොමිනුල් ගැනත් දිමුත් අදහස් දැක්වුවා. “ඉනිම දෙකේදීම හොඳින් පිතිකරණයේ යෙදුණු මොමිනුල්ගේ ඉනිම විශිෂ්ඨයි. මොමිනුල් හොදින් පන්දුවට පහර දුන්නා. තණතීරුවෙන් අපේ පන්දු යවන්නන්ට කිසිම වාසියක් ලැබුණේ නෑ. දඟකැවීමක්වත ඉපිලීමක්වත් තිබ්බේ නෑ.” කියලයි දිමුත් කිව්වේ.

දෙවෙනි ටෙස්ට් තරඟය පෙබරවාරී 08 වෙනිදා අාරම්භ වෙනවා. තරඟය තියෙන්නේ ඩකා ක්‍රීඩාංගනයේමයි. තරඟාවලිය ජය ගන්න නම් දෙපිළටම එ් තරඟය ඉතාම වැදගත්.


News Articles
Latest Videos
Most Popular Post