News Line| Off Air
Generic placeholder image

Latest Posts










Feb
5

නෑනා මස්සිනා පෙම් පටලැවිල්ලකට තීක්ෂණ අනුරාධ මැදි වෙලා. – Exclusive

3201 Views


නෑනා මස්සිනා පෙම් පටලැවිල්ලකට තීක්ෂණ අනුරාධ මැදි වෙලා. – Exclusive

තීක්ෂණ අනුරාධ කියන්නේ ලංකාවම දන්න ජනප්‍රිය ගායකයෙක්. සඳ රේණු ගලන, ඔබ තරම්, සායම් කිරිල්ලී, පමාවූ අතීතේ වගේ තීක්ෂණ ගයපු ගීත Chart Show වල සති ගණන්, මාස ගණන් අංක එකේ තිබුණා.

හැබැයි ඔහු ගැන අපිට ලැබුණු අලුත්ම ආරංචියට ඇඟේ මයිල් කෙලින් වෙනවා. නෑනා මස්සිනා පෙම් පටලැවිල්ලකට තීක්ෂණ අනුරාධත් මැදි වෙලා. මේ ආරංචිය ලැබුණු ගමන් අපි මේ කතාවේ ඇත්ත නැත්ත හොයලා බැලුවා.

එතකොටයි අපිට දැනගන්න ලැබුණේ තීක්ෂණ නෑනා මස්සිනා පෙම් පටලැවිල්ලකට මැදි වුණේ ඔහුගේ අලුත්ම ගීතයේ රූගත කිරීම් වලට කියලා. මේ ගීතය නම් කරලා තියෙන්නේ “ආරේ ගති නැරේ” කියලා.

සිංදුව ලිවුවේ සංඛ දිනෙත් ගයන රෑ සිහිනේ මා ගීතය ලියපු ජනප්‍රිය රුපවාහිනී නිවේදක සගා ගුරුගේ. සගා ඔහුගේ අලුත්ම ගීතයේ පද පේලි ගැන පොඩි ඉඟියක් පහුගිය දවසක FB එකට දාලා තිබුනා.

– මේ තියෙන්නේ ඒ සටහන –

ආරේ ගති නැරේ…..//

විවාහ වු යුවලකට නෑනෙක් ඉන්නවා නම් අතීතයේ ඉඳන් තිබු නෑනා මස්සිනා පෙම් පටලැවිල්ල අද සමාජයද දක්නට ලැබේ. මේවට කියන්නේ ආරේ ගති නැරේ කියලා.මේ සමාජ අත්දැකීම හිතට ආ මට මගේ පැන් තුඩ ලියවෙන්නට පටන් ගත්තේය.මේ ගිතයට පණ පොවන්නේ තීක්ෂණ අනුරාධ ආරේ ගති නැරේ කියන අත්දැකීම සත්‍යදැයි විමසන්න සුදානමින් ඉන්න � මිට සගා…….

ආරංචි වුණු විදිහට හෙට අනිද්දා තික්ෂනගේ මේ අලුත්ම සිංදුව Release වෙනවා. ඒ වගේම මේ ගීතයේ තීක්ෂණ මැරයෙකුට තමයි රඟ පාන්නේ.

මේ තියෙන්නේ ඒ ගීතයේ රූගත කිරීම් අතර ගත්ත Photos

මේ තියෙන්නේ ඒ ගීතයේ පූර්ව ප්‍රචාරක පටයයි.

https://www.youtube.com/watch?v=a4B_MpYwDU8&feature=youtu.be

 

 


News Articles
Latest Videos
Most Popular Post