අද ගොඩක් ලග්න වලට ජයග්‍රාහී දවසක්. ඔබේ ලග්නයට කොහොමද කියලා මෙතනින් බලන්න.
989 Views
අද පෙබරවාරි මස 06 වනදා
රාහු කාලය දිවා කාලය සඳහා හවස 03.22 සිට 04.50 දක්වාද, රාත්‍රී කාලය සඳහා රාහු කාලය අලුයම 03.26 සිට 04.50 දක්වා
සුභ දිශාව: දකුණ
මේෂ ලග්නය

ක්‍රියාශීලීව, එඩිතරව හා උත්සාහයෙන් යුතුව දිනය ආරම්භ කල හැකිය. සමාජයේ ජනප්‍රිය චරිතයක් වීමේ අවස්ථාව උදාවන අතර ආදරය හා ගෞරවය නොමදව ලැබෙන දිනයකි. අවිවාහක යට සුභ මඟ යෝග පවතින දිනයක්. ආගමනුකුලව දිනය ආරම්භ කරන්න.
ජය වර්ණය: රෝස පැහැය ජය අංකය: 07
වෘෂභ ලග්නය

ඉතාම බුද්ධිමත්ව කටයුතු කරන දිනයකි. ප්‍රශ්න හමුවේ නිවැරදි හා සාර්ථක තීරණ ගැනීමට හැහදිසි ලාභ හා ආර්ථික වාසි සැලසෙන දිනයකි. සෞඛ්‍ය පිළිබඳව සැලකිලිමත් වීම වඩාත් වැදගත්. ආත්ම විශ්වාසයෙන් යුතුව ආගමානුකුලව දිනය ආරම්භ කරන්න. දවස වඩාත් සුභ වේවි.
ජය වර්ණය: දම් පැහැය ජය අංකය: 06
මිථුන ලග්නය

කලා කටයුතු වල හා නිර්මාණ කටයුතු වලට ඉතාම සුභ දිනයක් වන අතර නව නිර්මාණ වලට වෙහෙසවී වැඩ කරන්න. වෘත්තීය හැකියාවන් ඉතාම දියුණු තත්වයට පත්වන දිනයකි. අතපසු වී තිබූ වැඩක් ආරම්භ කිරීමට සුභ දිනයකි. අධ්‍යාපන වැඩ කටයුතු වලටද සුභ දිනයකි. කරන වැඩ කටයුතු සියල්ලක්ම මහන්සි වී සිදු කරන්න.
ජය වර්ණය: ලා කොළ පැහැය ජය අංකය: 05
කටක ලග්නය

ගැඹුරු කල්පනාවෙන් හා තියුණු ඉවක් ඇතිව කටයුතු කල හැකි දිනයකි. තම දෙමව්පියන්ට මෙන්ම දූ දරුවන් වෙනුවෙන් වෙහෙසෙන, ඔවුන්ට වැඩි වශයෙන් සමීප වන දිනයකි. නව ව්‍යාපාරයක් ආරම්භ කිරීමට ඉතාම සුභ දිනයකි. කෙසේවුවත් ඔබේ වැරදි අඩුපාඩු මගහරවා ගනිමින් කටයුතු කිරීමට වග බලාගන්න.
ජය වර්ණය: මුතු පැහැය ජය අංකය: 04
සිංහ ලග්නය

ජයග්‍රාහී දිනයකි. පාලන ශක්තිය, නිර්භයව වැඩ කටයුතු කිරීමට හැකිවන, ගරු නම්බු නාම ලැබෙන දිනයකි. ආගමනුකුලව දිනය ආරම්භ කරන්න. පාලන තන්ත්‍රයේදී ඔබව ඉතා කැපී පෙනෙන චරිතයක් බවට පත්වෙයි. කල්පනාකාරීව වැඩ කටයුතු ආරම්භ කරන්න.
ජය වර්ණය: රන්වන් පැහැය ජය අංකය: 03
කන්‍යා ලග්නය

නිර්මාණ වල නියැලෙන්නන්ට ඉතාම සුභ දිනයකි. එබැවින් මහන්සියෙන් හා කැපවීමෙන් යුතුව වැඩ කටයුතු කරන්න. කලපනා ශක්තිය තුලින් අන් අයගේ වැඩි ආකර්ෂණය දිනා ගැනීමේ හැකියාව ඇත. දෙමව්පියන්ට වැඩියෙන් සමීප වන දිනයකි. සියලු වැඩ කටයුතු ආත්ම විශ්වාසයෙන් යුතුව ආරම්භ කරන්න. දිනය වඩාත් යහපත් වේවි.
ජය වර්ණය: ලා කොළ පැහැය ජය අංකය: 2
තුලා ලග්නය

කලට වෙලාවට නිසි ලෙස ඔබේ වැඩ කටයුතු ආරම්භ කරන්න. බුද්ධියෙන් යුතුව මෙන්ම ඉතාම ජවසම්පන්නව තම වැඩ කටයුතු ආරම්භ කරන්න. සියලුම කලා නිර්මාණ වලටද ඉතාම සුභ දිනයක් වන නිසා තමන්ගේම දෙයක් කිරීමට වඩාත් උත්සුක වන්න.
ජය වර්ණය: තැඹිලි පැහැය ජය අංකය: 01
වෘශ්චික ලග්නය

මනා ඉවසීමකින් යුතුව කටයුතු කරන දිනයකි. අන් අයව තේරුම් ගෙන තියුණු නුවණකින් යුතුව සාර්ථකව වැඩ කටයුතු කරගෙන යා හැකි දිනයකි. ඒ හේතුවෙන් වෙනදට වඩා කැපී පෙනීමේ හැකියාව පවතින දිනයකි. ආගමනුකුලව දිනය ආරම්භ කරන්න. දවස වඩාත් සුභ වේවි.
ජය වර්ණය: රතු පැහැය ජය අංකය:03
ධනු ලග්නය

නිදහසේ මෙන්ම තම බලය පතුරුවාලීම මගින් සාර්ථකව දිනය ගත කිරීමේ හැකියාව පවතින දිනයකි. නායකත්ව ගුණාංග ඔබෙන් වැඩි වශයෙන් ඉස්මතු වන දිනයකි. මනා ආත්ම විශ්වාසයකින් යුතුව කටයුතු කරන්න. කල්පනාකාරීව වැඩ ආරම්භ කරන්න.
ජය වර්ණය: ගුරු පැහැය ජය අංකය: 02
මකර ලග්නය

ආගමානුකුලව දිනය ආරම්භ කරන්න. ඉතාම හොඳ අධිෂ්ඨාන ශක්තියකින් යුතුව දිනය ගත කරයි. ඔබේ වැඩ කටයුතු නිසි ලෙස ඔබ සකසා ගනියි. නිතරම උත්සාහයෙන් ප්‍රයෝජනවත් දෙයක් කිරීමට වෙහෙසෙන දිනයකි. භාවනාවකට යොමු වනවානම් ඉතාම සුභ දිනයකි. නව ව්‍යාපාර ආරම්භ කිරීමටද සුභ දිනයකි.
ජය වර්ණය: නිල් පැහැය ජය අංකය: 01
කුම්භ ලග්නය

අන් අය අතර කැපී පෙනීමේ භාග්‍ය ඇති දිනයකි. තිබූ රෝගාබාධ වලින් මිදීමට හැකියාව ලැබෙන දිනයකි. මනා සැලසුමකින් යුතුව හා සුක්ෂමව ඔබේ වැඩ කටයුතු කරගෙන යා හැකි දිනයකි. හොදින් සිතා බලා නිවැරදි තීරණ ගැනීමට වග බලාගන්න.
ජය වර්ණය: ලා නිල් පැහැය ජය අංකය: 09
මීන ලග්නය

ගංගා මුහුදු ආශ්‍රිතව ගැවසිමේදී වඩාත් ප්‍රවේසම් විය යුතු දිනයකි. නොදන්නා අය සමඟ ආශ්‍රයේදීද වඩාත් ප්‍රවේසම් වන්න. නිවාස සම්බන්ධව වඩාත් සැලකිලිමත් වන්න. කල්පනාකාරීව වැඩ කටයුතු ආරම්භ කරන්න.
ජය වර්ණය: රතු මිශ්‍ර කහ පැහැය ජය අංකය: 06
ප්‍රවීණ ජ්‍යෝතිෂවේදී ලක්ෂ්මන් යූ. ලියනගේ
දුරකථන: 011 50 10 829