News Line| Off Air
Generic placeholder image

Feb
6

“අමාරුම වෙලාවේ පිටිය මැද අපි Enjoy කරා.” – කුසල් කියයි. “ද්විත්ව ශතකය නුලෙන් Miss වුණා.” – ධනංජය කියයි.

924 Views


“අමාරුම වෙලාවේ පිටිය මැද අපි Enjoy කරා.” – කුසල් කියයි. “ද්විත්ව ශතකය නුලෙන් Miss වුණා.” – ධනංජය කියයි.

පහුගිය දා අවසන් වුණ බංගලාදේශය සමඟ ටෙස්ට් තරඟයේදී සුපිරි දක්ෂතා දක්වන්න ධනංජයට සහ කුසල් මෙන්ඩිස්ට පුළුවන් වුණා. දිත්ව ශතකය අාසන්නයටම අාපු දෙන්න අවාසනාවන්ත විදියට දැවී ගියා. තරඟයෙන් පස්සේ ධනංජය සහ කුසල් ඔවුන්ගේ ඉනිම ගැන අදහස් දැක්වූවා.

ශ්‍රී ලංකා කණ්ඩායමට හොඳ අාරම්භයක් ලබා දුන්න ධනංජය ලකුණු 176 ක් ලබා ගත්තා. ශ්‍රී ලංකාව වෙනුවෙන් වේගවත්ම ලකුණු 1000 ලබා ගත්ත තුන්වෙනි ක්‍රීඩකයා වෙන්න ඔහුට පුළුවන් වුණා. “අැත්තටම සතුටුයි අන්තර්ජාතික තරඟවලදී වැඩිම ලකුණු ලබා ගැනීම ගැන. මට තව ගොඩක් ලකුණු රැස් කරන්න තිබ්බා. එ්ත් ලබා ගත්ත ලකුණු ප්‍රමාණය ගැන සෑහීමකට පත්වෙන්න පුළුවන්.” කියලයි ධනංජය ඔහුගේ ඉනිම ගැන කිව්වේ.

එ් වගේම ඔහු කුසල් එක්ක එකතු වෙලා ගොඩනැඟුව සුපිරි සම්බන්ධතාවය ගැනත් කතා කරා. “අපි දෙන්නා බැලුවේ පන්දුවෙන් පන්දුව ලකුණු කීයක් හරි කණ්ඩායමට අරන් දෙන්න. අපිට ගොඩක් අය කිව්වා සජීවීව දැකපු ගොඩක් හොද සම්බන්ධතාවක් කියලා. අපි දෙන්නට හුඟක් අාඩම්බරයි එ් ගැන.අපි බැලුවෙ තව පොඩ්ඩක් කොහොම හරි අදින්න. අවාසනාවට 308 න් නැවතුණා.”

අවසන් වුණ ටෙස්ට් තරඟයේ ඉනිමකදී වැඩිම ලකුණු ලබා ගත්තේ කුසල් මෙන්ඩිස්. කුසල්ගේ ටෙස්ට් දිවියේ දෙවෙනි වතාවටත් අවාසනාවන්ත විදියට දිත්ව ශතකය පෙනි පෙනී දැවී ගියා. එ් ලකුණු 196 කට. මීට කලින් බංගලාදේශයටම එරෙහිව ලකුණු 194 ක් ලබාගෙන දැවී ගියා. කුසල් ඔහුගේ ඉනිම ගැන දැක්වුවේ මේ වගේ අදහසක්. “මම කණ්ඩායමෙන් එළියට ගිහින් යළිත් කණ්ඩායමට අැවිත් ක්‍රීඩා කරපු පළවෙනි තරඟය. අපිට ඔවුන් ලෙග් එකෙන් තමයි අැටෑක් කළේ. එ් නිසා ධනංජය අයියා මට කිව්වා ස්වීප් පහර ගහන්න එපා කියලා. එ්ක මට බැට් කරද්දි ගොඩක් පහසු වුණා. දැවී ගිහින් අැතුලට අාවම හැමෝම කිව්වේ අපරාදේ අවුට් වුනේ කියලා. ලකුණු 196 ක් ලබා ගන්න එක පහසු නෑ.”

දෙවෙනි සහ අවසන් ටෙස්ට් තරඟය අනිද්දා අාරම්භ වෙනවා. තරඟය පැවැත්වෙන්නේ ෂරේ බංග්ලා ක්‍රීඩාංගනයේදී. එ් තරඟයේදී ධනංජයට සහ කුසල් මෙන්ඩිස් දෙන්නටම දිත්ව ශතක ලබා ගන්න පුළුවන් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා.


News Articles
Latest Videos
Most Popular Post