


විටෙකකෝපයෙන් කටයුතු වලට කටයුතු කළහැකි දිනයකි. නමුත් කරන සෑම කටයුතුතකින්ම ජය ලබාගත හැකි දිනයක් වන අතර වාග් ශක්තිය ඉතා ඉහල දිනයකි. සමාජ ආකර්ශනය ලැබෙන දිනයක් වන අතර සමාජයේ ඉහල පිළිගැනීමක්ද ලැබෙන දිනයකි. ඉවසීමෙන් හා කල්පනාකාරීව වැඩ කටයුතු කිරීමට වග බලාගන්න.
ජය වර්ණය: ලා දම් පැහැය ජය අංකය: 07

රැකියා ව්‍යාපාර කටයුතු සාර්ථක කරගත හැකි දිනයකි. නමුත් මානසික අසහනතා මත වැඩ සියල්ල අකර්මන්‍ය වීමේ ඉඩකඩද පවතියි. නිවාස තුල වැඩියෙන් කල් ගෙවන දිනයක් වන අතර ඔබේ උදව් බලාපොරොත්තුවෙන් බොහෝ පිරිසක් ඔබ සොයා එන දිනයකි. සැලසුම් සහගතව කටයුතු සම්පාදනය කර ගැනීම වඩාත් යහපත්. ආගමානුකුලව දිනය ආරම්භ කරන්න.
ජය වර්ණය: ලා කහ පැහැය ජය අංකය: 06

සමාජ සේවා කටයුතු වලට ඉතාම යෝග්‍ය දිනයකි. නමුත් කායික හා මානසික පීඩා ඇතිවිය හැකි දිනයකි. සෙම් සහිත රෝග තිබේනම් වහාම ප්‍රතිකාර සඳහා යොමුවීමද වඩාත් වැදගත් වන දිනයකි. කෙසේවුවත් කල්පනාකාරීව හා ඉවසිලිවන්තව නිවැරදි තීරණ මත වැඩ කටයුතු සිදුකිරීමට වග බලාගන්න.
ජය වර්ණය: රතු පැහැය ජය අංකය: 07

අධ්‍යාපන වැඩ කටයුතු වලට ඉතාම යහපත් දිනයකි. උනන්දුවෙන් වැඩ කටයුතු ආරම්භ කරන්න. වාග් ශක්තිය යොදා කරන වැඩ කටයුතු සියල්ලකටම ඉතාම සුභ දිනයකි. මානව සම්පත් කළමනාකරණය වැනි කටයුතු වලට ඉතාම සුභ දිනයකි. ඔබේ උගත්කමට සරිලන ලෙස අරු නම්බු නාම ලැබෙන දිනයකි.
ජය වර්ණය: ලා දම් පැහැය ජය අංකය: 03

ඔබ කරනා කියන වැඩ කටයුතු බොහොමයකින් සාර්ථකත්වය උදාකර ගත හැකි දිනයකි. ඒ නිසාම අන් අයගේ ආකර්ශනයද ඔබට නොමදව ලැබෙයි. නව පුද්ගලයන්ගේ ඇසුර තුල තම දක්ෂතා ඔප් නංවා ගැනීමේ හැකියාව පවතින දිනයකි. කල්පනාකාරීව වන්න. දිනය වඩාත් සුභ වේවි.
ජය වර්ණය: ලා කොළ පැහැය ජය අංකය: 09

ජය වර්ණය: තද නිල් පැහැය ජය අංකය: 08

බොහෝ පිරිසකගේ අවධානය ඔබ වටා ඇතිවන දිනයකි. ලිපි ලේඛන ආශ්‍රිත කටයුතු වලටද ඉතාම සුභ දිනයක් වන අතර තම ආදයම් තත්ත්වයටද යහපත් දිනයකි. පරිපාලනමය හා මානව සම්පත් කළමනාකරණය ආශිත කටයුතු වලටද ඉතාම සුභ දිනයකි. කල්පනාකාරීව කටයුතු කරන්න.
ජය වර්ණය: ලා දම් පැහැය ජය අංකය: 07

හවුල් ව්‍යාපාර කටයුතු වලට මෙන්ම තම රැකියා කටයුතු වලටද ඉතාම යහපත් දිනයකි. උගත් උසස් පුද්ගලයන්ගේ ඇසුර මෙන්ම ඔවුන්ගේ උදව්ද ලැබෙන දිනයකි. අන් අයගේ විශ්වාසය මත තම වැඩ කටයුතු සාර්ථක කරගත හැකි දිනයකි. සෞඛ්‍ය පිළිබඳව වඩාත් සැළකිලිමත් වන්න.
ජය වර්ණය: දීප්තිමත් කහ පැහැය ජය අංකය: 07

පෙර පින ඉස්මතු වන ආදායම් තත්වය ඉහල යන සුභ දිනයකි. සමාජ ගෞරවයද නොමදව ලැබෙන දිනයකි. අන් අයගේ උදව් උපකාර මෙන්ම උගත් පුග්ලයන්ගේ ගෞරවයද නොමදව දිනාගත හැකි දිනයකි. තාක්ෂණික වැඩ කටයුතු වලට හා යාන වාහන සම්බන්ධ අකටයුතු වලටද වඩාත් යෝග්‍ය දිනයකි.
ජය වර්ණය: ලා රතු පැහැය ජය අංකය: 09

බොහෝ වැඩ කටයුතු වලදී චිත්ත පීඩා ඇතිවීමේ හැකියාව පවතින දිනයකි. ඔබ වඩාත් කල්පනාකාරී හා ප්‍රවේසම් විය යුතු දිනයකි. වැඩිහිටි උපදෙස් මත ක්‍රියා කරන්න. ඔබ කරන යහපත ඔබේම අයහපත වීමට වැඩි වෙලාවක් නොයයි. ඉවසිලිවන්ත වීමද වඩාත් වැදගත්. විදෙස්ගත වීමට බලාපොරොත්තුවෙන් සිටිය නම් ඒ සඳහා උත්සාහ කිරීමට වඩාත් යහපත්.
ජය වර්ණය: විසිතුරු පැහැය ජය අංකය: 07
ප්‍රවීණ ජෝතිශ්‍යවේදී : කැලුම් ගුණතිලක
දුරකථන අංකය: 076 676 53 53