News Line| Off Air
Generic placeholder image

Feb
7

ශ්‍රී ලංකා පිතිකරුවන් ශතක රැස්කරාට චිතගොන් පිටියට ICC ය දඩුවම් කරයි.

1816 Views


ශ්‍රී ලංකා පිතිකරුවන් ශතක රැස්කරාට චිතගොන් පිටියට ICC ය දඩුවම් කරයි.

ශ්‍රී ලංකාව සහ බංගලාදේශය අතර පළවෙනි ටෙස්ට් තරඟය තිබ්බේ චිතගොංහි අහමඩ් චවුද්‍රි ක්‍රීඩාංගණයේදී. එ් තරඟයේදී දෙපිළෙන්ම ශතක 5 ක් සහ අර්ධ ශතක 6 ක් වාර්තා කරා. දෙපැත්තෙම පන්දු යවන්නට දවා ගන්න පුළුවන් වුණේ කඩුලු 24 ක් විතරයි.

හැබැයි තරඟයෙන් පස්සේ තරඟයේ තීරකයා වුණ ඩේවිඩ් බූන් චිතගොන් පිටිය ටෙස්ට් තරඟවලට සුදුසු නෑ කියලා ICC යට වාර්තා කරා. ජාත්‍යන්තර ක්‍රිකට් නීතිරීති අනුව චිතගොන් ක්‍රීඩාංගණයට දඩුවම් ලකුණුක් දීලා තියෙනවා. ඉදිරි අවුරුදු 05 කට එ් දඩුවම් ලකුණු බල පැවැත් වෙනවා. එ් කාලයේදී තවත් දඩුවම් ලකුණු 05 ක් එකතු වුනොත් අහමඩ් චවුද්‍රි පිටියේ තරඟ පැවැත්වීම අවුරුදු 05 කට තහනම් කරනවා.

චිතගොන් තණතිල්ලේ අලුත් පන්දුවෙන් හරි වේග පන්දු යවන්නන්ට කිසිම දෝලනයක් ලබා ගන්න බෑ කියලා වාර්තාවේ තියෙනවා. එ් වගේම තරඟය පුරාම පන්දුවේ ඉපිළීමේ වෙනස්කම් තිබ්බා කියලත් සඳහන් වෙනවා. දඟ පන්දු යවන්නන්ටත් හරිහැටි පන්දු දඟකවන්න මේ තණතිල්ලේ පුළුවන් වුණේ නෑ.

ශ්‍රී ලංකා අරම්භක පිතිකරු දිමුත් කරුණාරත්නත් එදා තරඟයෙන් පස්සේ ටෙස්ට් තරඟවලට චිතගොන් සුදුසු නෑ කියලා කිව්වා.


News Articles
Latest Videos
Most Popular Post