මතුගම නගරයේ ගව මස් කඩයක් භික්ෂුන් වහන්සේනමක් ලබා ගත්ත පුවතක් පහුගිය කාලයේ රටේ ලොකු අාන්දෝලනයක් අැති කරා. මාවිට ඥානරතන හිමියන් තමයි මේ විදියට මතුගම ප්‍රාදේශීය සභාවේ ටෙන්ඩරය ලබා ගත්තේ.
උන්වහන්සේ කිව්වේ ගව මස් කඩය වහන්න ඕන නිසා මිලදී ගත්තා කියලා. හැබැයි දැන් උන්වහන්සේට වෙලා තියෙන්නේ වදින්න ගිය දේවාලේ හිසේ කඩන් වැටුණා වගේ වැඩක්. ටෙන්ඩරය ලබා ගත්ත දවසේ ඉඳන් විවෘත කරන ඕන කියලා ටෙන්ඩර් පත්‍රිකාවේ ගිවිසුමක් තියෙනවා. හැබැයි ස්වාමීන් වහන්සේ කඩය වහලා තියෙන නිසා ටෙන්ඩරය අවලංගු කරන්න මතුගම ප්‍රාදේශීය සභාව කටයුතු කරලා තියෙනවා.
එ් බව ප්‍රාදේශීය සභාවේ ලේකම්වරයා උන්වහන්සේට ලිඛිතව දන්වලා තියෙනවා. ස්වාමීන් වහන්සේගේ ටෙන්ඩරය අවලංගු වුණ නිසා දෙවෙනි ඉල්ලුම්කරු වුණ මොහොමඩ් ෆාසිට නැවතත් ගව මස් කඩය ලබා දීලා තියෙනවා.