ICC T20 ශ්‍රේණිගත කිරීම් වල ඇෆ්ගනිස්ථානයට වඩා පහුබසින්න ලංකාවට සිද්ධ වුණා. ඒ සිම්බාබ්වේ එක්ක තිබ්බ T20 තරඟාවලිය 2 – 0 ලෙස ඇෆ්ගනිස්ථානය ජය ගැනීමත් එක්ක.
ICC T20 ශ්‍රේණිගත කිරීම්වල 8 වන ස්ථානයට එන්න ඇෆ්ගනිස්ථානය සමත් වුණා. ඒ නිසා 8 වන ස්ථානයේ හිටිය ලංකාවට 9 වෙනි ස්ථානය දක්වා පහතට වැටුණා.
ශ්‍රී ලංකාව ICC T20 ශ්‍රේණිගත කිරීම් වල 9 වෙනි තැන දක්වා පහුබැස්සේ පළවෙනි වතාවට. කොහොම වුනත් බංගලාදේශය එක්ක තියෙන T20 තරඟාවලිය ජයග්‍රහණය කරලා අයෙත් උඩට එන්න ලංකාවට අවස්ථාව තියෙනවා.