සංචාරක ශ්‍රී ලංකාව සහ බංගලාදේශය අතර දෙවෙනි සහ අවසන් ටෙස්ට් තරඟය අද. තරඟය පැවැත් වෙන්නේ මීර්පූර් වල ෂරේ බංග්ලා ක්‍රීඩාංගණයේ. තරඟය ලංකාවේ වෙලාවෙන් උදේ 9.00 ට පටන් ගන්නවා. තරඟාවලියේ ජයග්‍රහණයට අද තරඟය දෙපිළටම වැදගත්. එ් නිසා අද වැඩි වාසි කාටද කියලා අපි හොයලා බැලුවා.
ලංකාව සහ බංගලාදේශය අවසන් වරට සටන් වැදුණ ටෙස්ට් තරඟ 5 න් 2 ක් ලංකාව ජයග්‍රහණය කරලා තියෙනවා. එක් තරඟයක් බංගලාදේශය දිනද්දී තරඟ 2 ක් ජය පරාජයෙන් තොරව අවසන් වුණා. අද තරඟය පැවැත්වෙන ෂරේ බංග්ලා පිටියේ මීට කළින් දෙපිළම දෙවතාවක් මුණගැසිලා තියෙනවා. එ් තරඟ දෙකම ලංකාව විශිෂ්ඨ ලෙස ජයග්‍රහණය කරලා තියෙනවා.
මීර්පූර් පිටියේ කණ්ඩායමක් රැස්කරපු වැඩිම ලකුණු ගණනට හිමි වාර්තාව ලියවිලා තියෙන්නේ ලංකාවේ නමින්. එ් ලකුණු 730 ක්. එ් නිසා බංලාදේශයට වඩා ලංකාවට ඩකා පිටියේ වාසියක් තියෙනවා.
ලංකාවේ ප්‍රධානම තුරුම්පුව වුන රංගන හේරත් අද තවත් සුපිරි වාර්තා දෙකක් පිහිටුවන්න සූදානමින් ඉන්නවා. ඔහු තවත් කඩුලු 4 ක් ලබා ගත්තොත් ටෙස්ට් වමත් පන්දු යවන්නන් අතර මුල් තැනනට පත්වෙනවා. ඔහුට ඉදිරියෙන් ඉන්නේ සුපිරි පාකිස්තානු ක්‍රීඩක වසීම් අක්‍රම් විතරයි. එ් වගේම අද තරඟයේදී කඩුලු 7 ක් දවා ගත්තොත් අැඟිල්ලෙන් පන්දුව දඟකවන ටෙස්ට් පන්දු යවන්නන් අතර පළවෙනියා වෙන්න පුළුවන්.
පළවෙනි තරඟයේ සුපිරි දස්කම් දක්වපු ධනංජය ද සිල්වා, කුසල් මෙන්ඩිස් සහ රොෂේන් සිල්වා අද තරඟයේත් ක්‍රීඩා කරනවා. එ් නිසා ලංකාවට තවත් පහසුවක් වේවි. මේ සියලුම කරුණු දිහා බැලුවම මේ ටෙස්ට් තරඟය ජයග්‍රහණය කරන්න ලංකාවට ලොකු අවස්ථාවක් තියෙනවා. අපි බලමු නායක චන්දිමාල්ට කණ්ඩායම ජයග්‍රහණය කරා ගෙනියන්න පුළුවන් වෙයිද කියලා.