ලංකාවේ මාධ්‍ය අායතන අතර මේ වෙද්දී ලොකූ තරඟයක් තියෙනවා. හැමෝම උත්සහ කරන්නේ අනිත් අය පරාද කරලා 1 වෙන්න. එ් නිසා මාධ්‍ය ආචාර ධර්ම පවා අමතක කරන්න සමහර නාලිකා පෙළඹිලා.
හැබැයි Voice Of Asia මාධ්‍ය ජාලයේ සියත FM අැතුළුව නාළිකා තමන්ගේ වගකීම, යුතුකම හරියට තේරුම් අරගෙනයි මේ මාධ්‍ය කලාවේ නිරත වෙන්නේ. ඒ බව ආයෙ ආයෙත් තහවුරු වෙන දෙයක් තමයි මේ.
පෙබරවාරි 14 වෙනිදට යෙදෙන ආදරවන්තයන්ගේ දිනය වෙනුවෙන් පළමු වරට ජාත්‍යන්තර මට්ටමේ ආදරණිය අත්දැකීමක් ලංකාවට දෙන්න සියත ලෑස්ති වුණා. ඒ සියත Love Mission මගින්. පහුගිය මාසය පුරාම සියත FM ප්‍රවර්ධන කණ්ඩායම මේ ආදර මෙහෙයුම සැලසුම් කරා. ආදර සාද, ආදර සවාරි වෙනුවට නවමු ආදරණිය අත්දැකීමක් ලාංකීය පෙම්වතුන්ට තිලිණ කරන්නයි සියත Love Mission සැරසුනේ. එහි පළමු වෙඩි මුරය විදිහට පහුගිය දවසක සියත FM නිල Facebook පිටුවේ Cover Photo එකට අපි මේ ඡායාරූපය දැම්මා.
මේ ගැන සියත FM ඔස්සේ පුර්ව ප්‍රචාරක කටයුතු පටන් ගන්න හිටියේ ඊයේ ඉඳලා. හැබැයි මහාචාර්ය, අති පුජ්‍ය බෙල්ලන්විල විමලරතන ස්වාමීන්වහන්සේගේ අපවත්වීමත් එක්ක සියලු ප්‍රචාරක කටයුතු තාවකාලිකව නවත්වන්න අපට සිදුවුණා.
කෙසේවෙතත් අද උදෑසන සියත කළමනාකාරිත්වය තීරණය කරේ රටම ශෝකයට පත්වූ මේ මොහොතේදී සියත Love Mission වැනි විනෝදාත්මක වැඩසටහනක් කරනවා කියන්නේ මාධ්‍ය අාචාර ධර්ම කුණු කූඩයට දානවා වගේ වැඩක් කියලයි. එ් වගේම පූජ්‍ය බෙල්ලන්විල විමලරතන නාහිමියන්ට කරන ලොකු අගෞරවයක්. ඒ නිසා ආදරවන්තයන්ගේ දිනය වෙනුවෙන් සියත FM සංවිධානය කළ සියත Love Mission සම්පුර්ණයෙන්ම අවලංගු කරන්න සියත කළමනාකාරිත්වය තීරණය කරා.
ඊයේ වෙනකොටත් මිලියන ගණනක අනුග්‍රාහක දායකත්වයන් සියත Love Mission වෙත ලැබී තිබුණා. නමුත් ලාංකීය බුදු සසුන වෙනුවෙන් අමිල මෙහෙයක් කළ විමලරතන නාහිමියන්ගේ අපවත්වීමත් එක්ක ඒ ආර්ථික ලාභය අමතක කරන්න රට ගැන හිතන සියත තීරණය කරේ දෙපාරක් නොහිතයි.
ඉතිං පහුගිය කාලයේ සියත Love Mission සංවිධානය කරන්න කැපවී කටයුතු කළ සියලු දෙනාටත් අනුග්‍රාහක දායකත්වයන් සැපයූ ව්‍යාපාරික භවතුන්ටත්
අපෙගේ කණගාටුවද මෙමගින් පළ කරනවා.
එමෙන්ම මෙවර මේ අවස්ථාව මඟ හැරුණත් නුදුරු දිනකදී ඔබට එ් අත්දැකීම ලබා දෙන්න සියත සූදානම්.