ශ්‍රී ලංකාව සහ බංගලාදේශය අතර අවසන් ටෙස්ට් තරඟය මේ වෙද්දී පැවැත් වෙනවා. තරඟය පැවැත් වෙන්නේ ෂරේ බංග්ලා ජාතික ක්‍රීඩාංගණයේදී. කාසියේ වාසිය දිනුවේ දිනේශ් චන්දිමාල්. ඔහු මුලින්ම පන්දුවට පහර දෙන්න තීරණය කරා.
පළවෙනි තරඟයේ වගේ සාර්ථක වෙන්න ලංකාවේ පිතිකරුවන්ට අද පුළුවන් වුණේ නෑ. අදත් දිමුත් කරුණාරත්න අසාර්ථක වුණා. ඔහු ලකුණු 3 ට දැවී ගියා. ඊට පස්සේ පිටියේ එක්වුණ කුසල් සහ ධනංජය ලකුණු 47 ක සබඳතාවක් ගොඩනැගුවා. ධනංජය ද සිල්වා ලකුණු 19 යි. අදත් කණ්ඩායමේ බර කරට ගත්ත කුසල් මෙන්ඩිස් ලකුණු 68 ක් රැස් කරා. ඔහුගේ ඉනිමට 4 පහර 10 ක් සහ එක් හයේ පහරක් අැතුලත් වුණා.
ගුණතිලක ලකුණු 13 යි. නායක චන්දිමාල් පළවෙනි පන්දුවෙන්ම ක්‍රීඩාගාරයට හරවා යවන්න රසාක් සමත් වුණා. දික්වැල්ල එක ලකුණකට දැවී ගියා. රොෂේන් සිල්වා සහ දිල්රුවන් ලකුණු 52 ක සබඳතාවක් ගොඩනැගුවා. දිලරුවන් ලකුණු 31 යි. අකිල ලකුණු 20 යි. හේරත්ට ලබා ගන්න පුළුවන් වුණේ ලකුණු 2 ක් විතරයි. එක් අන්තයක තනි වුණ රොෂේන් සිල්වා ලකුණු 56 ක් රැස් කරා. ලකුණු 222 කදී ශ්‍රී ලංකා ඉනිම නිමා වුණා.
ශ්‍රී ලංකා ඉනිම විනාශ කරන්න රසාක් සහ ටයිජුල් ඉස්ලම් සමත් වුණා. ඔවුන් දෙදෙනා කඩුලු 4 බැගින් දවා ගත්තා. මුස්ටාෆිසූර් රහමන් කඩුලු 2 යි.
බංගලාදේශයට දෙවෙනි ඉනිමට ලැබුණේ ලකුණු 222 ක පහසු ඉලක්කයක්. හැබැයි ලංකාවේ පන්දු යවන්නන් හමුවේ හිතපු තරම් ලේසි වුනේ නෑ. ලකුණු 12 ක් වෙද්දී බංගලාදේශයේ පළවෙනි කඩුලු 3 දැවී ගියා. තමීම් ඉක්බාල් කඩුලු 4 යි. මොමිනුල් ලකුණු ලබා ගන්න කලින් දැවී ගියා. මුෂ්ෆිකර් රහීම් එක ලකුණයි. ඉම්රුල් ලකුණු 19 යි. ලිටොන් ඩයස් නොදැවී ලකුණු 24 ක් ලබා ගෙන හිටියා.
අද දවසට තරඟය නතර කරද්දී බංගලාදේශය කඩුලු 4 ක් දැවී ලකුණු 56 ක් ලබා ගෙන හිටියා. සුපිරි පන්දු යැවීමක නිරත වුණ සුරංග ලක්මාල් කඩුලු 2 යි. දිල්රුවන් එක කඩුල්ලයි. බංගලාදේශය ලංකාවේ පළවෙනි ඉනිමට වඩා තවත් ලකුණු 166 ක් පිටුපසින්. කඩුලු 6 ක් ඔවුන්ට ඉතිරි වෙලා තියෙනවා.