News Line| Off Air
Generic placeholder image

Feb
9

ලග්න තුනකට අද වියදම් අධිකයි. ඔබේ ලග්නයට අද කොහොමද කියලා මෙතනින් බලන්න.

548 Views


ලග්න තුනකට අද වියදම් අධිකයි. ඔබේ ලග්නයට අද කොහොමද කියලා මෙතනින් බලන්න.

අද පෙබරවාරි මස මස 09
රාහු කාලය  දිවා කාලය උදෑසන 10.56 සිට දහවල් 12.25 දක්වා, රාත්‍රී කාලය සඳහා රාහු කාලය රාත්‍රී 10.54 සිට අලුයම 12.25 දක්වා 
සුභ දිශාව: උතුර 
අසුභ දිශාව: ගිනිකොණ  

 

 

 

 

මේෂ ලග්නය

සමාජය තුල හා අන් අය අතර කැපී පෙනෙන චරිතයක් වීමේ හැකියාවක් ඇති දිනයක්. තාක්ෂණික මෙවලම් ආශ්‍රිත කටයුතු වලට ඉතාම සුභ දිනයකි. ජීවිතයට නව බ බලාපොරොත්තු ඇතිවන දිනයක්. කෙසේවුවත් විවාහ ජීවිතය තුල මෙන්ම පවුල තුල ප්‍රශ්න ඇතිවීමේ වැඩි ඉඩකඩක් පවතින දිනයක්. එබැවින් ඉවසිලිවන්ත වන්න.
ජය වර්ණය: ලා නිල් පැහැය                                             ජය අංකය: 07

වෘෂභ ලග්නය

ඔබේ පෞරුෂය වෙනදට වඩා අන් අය අතර කැපී පෙනෙන දිනයක්. හවුල් ව්‍යාපාර කටයුතු වලට වැඩි වශයෙන් ඔබ නැඹුරු වන දිනයක්. හවුල් ව්‍යාපාර වලදී මෙන්ම මුල්‍ය පරිපාලන කටයුතු වලදී තරමක් කල්පනාකාරීව ඒවා සිදුකරොත් වඩාත් යහපත් ප්‍රතිඵල ලබාගැනීමේ හැකියාව පවතිනවා. කොන්ද හා තුනටිය ආශ්‍රිත රෝග ඇතිවිය හැකි දිනයකි.
ජය වර්ණය: විසිතුරු පැහැය                                                      ජය අංකය: 07

මිථුන ලග්නය

ඔබ යටතේ වැඩ කටයුතු කරන සේවකයන්ගේ මෙන්ම අන් අයගේ  ආකර්ශනය හා ආදරය පහසුවෙන් දිනාගත හැකි දිනයක්. ඔබෙන් අන් අයට මෙන්ම ඔවුන්ගෙන් ඔබටද උදව් උපකාර ලැබෙන දිනයකි. සමාජ ගෞරවයද නොමදව ලැබෙන දිනයක් වන මුත් තරමක් සිතා බලා කල්පනාකාරීව වැඩ කිරීම වැදගත්. ලිපි ලේඛන කටයුතු වලදී වඩාත් සැලකිලිමත් වන්න.
ජය වර්ණය: ලා කොළ පැහැය                                                  ජය අංකය: 03

 

කටක ලග්නය

වඩාත් කල්පනාකාරීව තීන්දු තීරණ ගැනීමට යොමු විය යුතු දිනයකි. හවුල් ව්‍යාපාර කටයුතු වලදීද වඩාත් සැළකිලිමත් වන්න. පවුල් සබන්ධතා නැවත ශක්තිමත් වන දිනයක්. අන් අය වෙනුවෙන් ඔබ වැඩිපුර  ගතකරන අතර එමගින් සිතෙහි සතුට මෙන්ම සමාජ ගෞරවය ඔබට ලැබෙන දිනයකි. කෙසේවුවත් ආගමානුකුලව දිනය ආරම්භ කරන්න. වඩාත් යහපත් වේවි.
ජය වර්ණය: විසිතුරු පැහැය                                             ජය අංකය: 03

සිංහ ලග්නය

තම නිවාස, යාන වාහන හා වතුපිටි පිළිබඳව වඩාත් සැළකිලිමත් විය යුතු දිනයකි. තරග ආදියෙන් ජය ලබාගත හැකි දිනයකි. තම පවුලේ අය වෙනුවෙන් වැඩියෙන් වෙහෙස වීමට සිදුවන දිනයකි. හොදින් සිතාබලා වැඩ කටයුතු  සිදුකරන්න.
ජය වර්ණය: ලා දම් පැහැය                                             ජය අංකය: 07

කන්‍යා ලග්නය

නව දේවල් සොයා යන, ඉගෙන ගැනීමට යොමු වන දිනයක්. අන් අය ඔබේ උදව උපකාර පටහා එන දිනයක්. අධ්‍යාපන වැඩ කටයුතු වලට හා ලිපි ලේඛන ආශ්‍රිත වැඩ කටයුතු වලට වඩාත් සුභ දිනයක්.බොහෝ කාර්යබහුල වන දිනයකි. ඉවසීමෙන් යුතුව මෙන්ම සැහැල්ලුවෙන් කටයුතු කිරීම වැදගත්.
ජය වර්ණය: ලා කහ පැහැය                                                 ජය අංකය: 03

 

තුලා ලග්නය

ඔබේ වචනයෙන් අන් අයගේ වැඩි ආකර්ෂණය දිනාගත හැකි දිනයකි. ප්‍රශ්න කරදර වෙනදට වඩා ඇති විය හැකි දිනයකි. නමුත් සැහැල්ලුවෙන් යුතුව ඒවාට මුහුණ දෙන්න. මිත්‍යා දෙවල්වලටද යොමු වනස් දිනයක්. කෙසේවුවත් කල්පනාකාරීව නිසි තීරණ මත කටයුතු කිරීමට වග බලාගන්න.
ජය වර්ණය: ලා කහ පැහැය                                                   ජය අංකය: 7

 

වෘශ්චික ලග්නය

 

ව්‍යාපාර සම්බන්ධ කටයුතු වලට ඉතාම සුභ දිනයක් වන අතර ආර්ථික ශක්තියද වැඩි වන දිනයක්. තාක්ෂණික අංශයේ රැකියාවක නිරත වන්නන්ට ඉතාම සුභ දිනයක්. වැඩි ලාභද ඉපයිය හැකි දිනයක්. කෙසේවුවත් වියදම් තත්වය පිළිබඳව වඩාත් සැළකිලිමත් වන්න. පරිපාලන කටයුතු වලටද යහපත් දිනයක්.
ජය වර්ණය: ලා දම් පැහැය                                              ජය අංකය:07

 

 

ධනු ලග්නය

මානසික පීඩා වැඩියෙන් ඇතිවිය හැකි දිනයකි. ධාවනයේදී වඩාත් සැළකිලිමත් වීම වැදගත් වන දිනයකි. සමාජය තුල කැපී පෙනෙන දිනයක්. . අන් අයගෙන් ප්‍රවෙසම්ව තරමක් කලප්නකාරිව කටයුතු කිරීම වැදගත්. ආගමනුකුලව දිනය ආරම්භ කරන්න.
ජය වර්ණය: ලා නිල් පැහැය                                             ජය අංකය: 09

 

 

මකර ලග්නය

පාද ආශ්‍රිතව රෝග ඇතිවීමට ඉඩ ඇති දිනයක්. ඔබේ වැඩ කටයුතු අවුල් සහගත වීමට ඉඩ ඇති දිනයක්. ආගමනුකුලව දිනය ආරම්භ කිරීම වඩාත් යහපත්.  කරන වැඩ කටයුතු වලදී ප්‍රවේසම් වීම වැදගත්. වියදම් තත්වයද ඉහල යන දිනයකි. කායික ශක්තිය දුර්වල වීමට වඩාත් ඉඩකඩ පවතින නිසාම සෞඛ්‍ය පිළිබඳව සැලකිලිමත් වන්න.
ජය වර්ණය: ලා නිල් පැහැය                                                           ජය අංකය: 09

 

 

කුම්භ ලග්නය

අන් අය ඔබව සොයා එන දිනයක් වන අතර ව්‍යාපාර හා රැකියා කටයුතු සාර්ථක වන දිනයක්. යමක් කිරීමට හෝ ආරම්භ කිරීමට යහපත් දිනයක් වන අතර ඔබ කරන සෑම දෙයක්ම සමාජය තුල කැපී පෙනෙන දිනයක්. කෙසේවුවත් කලපනාකරිව වැඩ කටයුතු කරගෙන යෑමට වග බලාගන්න.
ජය වර්ණය: ලා දම් පැහැය                                                        ජය අංකය: 07

 

 

මීන ලග්නය

ව්‍යාපාර හා රැකියා කටයුතු වෙනදට වඩා වැඩි උනන්දුවක් දැක්විය යුතු දිනයකි. කලා නිර්මාණ වලටද ඉතාම් සුභ දිනයක්. තරමක් කල්පනාකාරී වීමද වැදගත්. ඉක්මනින් රෝගාතුර වීමට ඉඩ ඇති නිසාම සෞඛ්‍ය පිළිබඳව සැලකිලිමත් විය යුතුයි. ආදායම සුභ වන නමුත් වියදම් අධික වියහැකි දිනයක් විය හැකිය. ගමන් බිමන් වලදී වඩාත් ප්‍රවේසම් විය යුතුයි. ඉවසීමෙන් හා ආගමානුකුලව දිනය ආරම්භ කිරීම වඩාත් යෝග්‍යයි.
ජය වර්ණය: ලා කහ පැහැය                                                  ජය අංකය: 09
ප්‍රවීණ ජ්‍යෝතිෂවේදී කැලුම් ගුණතිල
දුරකථන: 076 676 53 53   


News Articles
Latest Videos
Most Popular Post