News Line| Off Air
Generic placeholder image

Feb
9

අලුත් පළාත් පාලන නීතී අනුව අවලංගු නොවී ඡන්දය දාන්නේ මෙහෙමයි.

771 Views


අලුත් පළාත් පාලන නීතී අනුව අවලංගු නොවී ඡන්දය දාන්නේ මෙහෙමයි.

පළාත් පාලන ඡන්දයට තව තියෙන්නේ පැය 24 කටත් අඩු කාලයක්. හෙට උදේ 7 ට ඡන්දය දැමීම අාරම්භ වෙනවා. පළාත් පාලන අායතන 340 ක් වෙනුවෙන් සභිකයන් 8328 ක් පත් කර ගන්න ඕන. හැබැයි අැල්පිටිය ප්‍රාදේශීය සභාවේ ඡන්දය අත්හිටෙව්වා.

මේ සැරේ ඡන්දය දාන්න ශ්‍රී ලාංකිකයන් 15,760,867 ක් සුදුසුකම් ලබලා තියෙනවා. අපේක්ෂකයන් 56,066 ක් තරඟ වදිනවා. අලුත් පළාත් පාලන නීතියට අනුව එක් පළාත් පාලන අායතනයකට තරඟ කරන පක්ෂයක් හෝ ස්වාධීන කණ්ඩායමක් නාමයෝජනා භාර දෙනකොට එකමුතු අපේක්ෂක ලැයිස්තු දෙකක් ලබා දෙන්න ඕන. ඉන් එකක් පළාත් පාලන බල ප්‍රදේශයේ කේවල ඡන්ද කොට්ඨාශ සඳහා තරඟ වදින අපේක්ෂකයන්. අනිත් එක සමානුපාතික ලැයිස්තුව.

හැබැයි හෙට ඔබ ඡන්දය දාන්න ඕන අපේක්ෂකයාට නෙවෙයි. තමන් කැමති දේශපාලන පක්ෂයට හරි ස්වාධීන කණ්ඩායමට හරි. ඡන්ද පොළට යන ඡන්ද දායකයාට ඔහු හෝ අැය අයත් පළාත් පාලන අායතනයේ තරඟ වදින පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම්වල නම් සහ ඡන්ද ලකුණු අඩංගු කොළයක් ලැබෙනවා. ඔබ කරන්න ඕන තමා කැමති පක්ෂය හෝ කණ්ඩායම ඉදිරියේ කතිර ලකුණ ගහන එක. කලින් මැතිවරණවල වගේ මනාප ලකුණු කිරීමක් මේ සැරේ නෑ.

ඡන්ද පොළට යද්දී තමන්ගේ අනන්‍යතාව තහවුරු කරන්න පුළුවන් ලේඛනක් ගෙනියන්න ඕන. ජාතික හැදුනුම්පත, වලංගු විදේශ ගහන් බලපත්‍රය, වැඩිහිටි හැදනුම්පත හෝ පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තුමේන්තුව නිකුත් කළ විශේෂ හැදුනුම්පතක් වෙන්න ඕන. ඡන්ද පොළට යද්දී ඔබට ලැබුණ නිල ඡන්ද පක්‍රිකාවත් අරගෙන යන්න. එහෙම අරගෙන නොගියත් ඔබේ නම 2017 ඡන්ද නාමලේඛනයේ තියේ නම් ප්‍රශ්නයක් වෙන්නේ නෑ.

මේ කරුණු සියල්ලම මතක තියාගෙන හෙට ගිහින් ඡන්දය දෙන්න. හැබැයි ඔබේ ගමට සුදුසුම පුද්ගලයාට ඡන්දය පාවිච්චි කරන්න.

 


News Articles
Latest Videos
Most Popular Post