බංගලාදේශය සමඟ පැවැත්වෙන දෙවෙනි ටෙස්ට් තරඟයේ දෙවෙනි දවසේත් වැඩි වාසි අතකර ගන්න ලංකාවට පුළුවන් වුණා. දිවා අාහාරය වෙද්දී බංලාදේශ පළවෙනි ඉනිම අවසන් කරන්න ලංකාවේ පන්දු යවන්නන්ට පුළුවන් වුණා.
බංගලාදේශය අද තරඟය පටන් ගත්තේ කඩුලු 4 ක් දැවී ලකුණු 56 ක් ලබාගෙන. කිසිම බංගලි පිතිකරුවෙක්ට සාර්ථක වෙන්න අදත් අපේ පන්දු යවන්නන් ඉඩ දුන්නේ නෑ. උදෑසනම ලිටොන් දාස් ලකුණු 25 කට දැවී ගියා. මහමදුල්ලා ලකුණු 17 යි. බංගලි ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වුණ මෙහිදි හසාන් නොදැවී ලකුණු 38 යි. ඔහුගේ ඉනිමට 4 පහර 2 ක් සහ 6 පහරක් අැතුලත් වුණා.
බංගලාදේශ පිතිකරුවන් අන්ත අසරණ කරන්න සුරංග ලක්මාල් සහ අකිල ධනංජය සමත් වුණා. ඔවුන් දෙදෙනාම කඩුලු 3 බැගින් දවා ගත්තා. ඔවුන්ට අනගි සහයක් දුන්න දිල්රුවන් කඩුලු 2 යි. ලකුණු 110 ක් වෙද්දී බංගලි පළවෙනි ඉනිම නිමා වුණා.
දෙවෙනි ඉනිමට ලංකාව අාවේ ලකුණු 112 ක් ඉදිරියෙන් ඉදගෙන. කුසල් මෙන්ඩිස් ලකුණු 7 කට දැවී ගියා. දිමුත් ලකුණු 32 යි. ධනංජය ද සිල්වා ලකුණු 28 යි. නායක චන්දිමාල් ලකුණු 30 යි. දෙවෙනි ඉනිමේත් ලංකාවේ ගැලවුම්කාරයා වුණේ රොෂේන්. ඔහු නොදැවී ලකුණු 58 ක් රැස් කරගෙන ඉන්නවා. එ් 4 පහර 9 ක් සමඟින්.
මුස්ටාෆිසූර් රහ්මන් කඩුලු 3 ක් දවා ගත්තා. ටයිජුල් සහ මෙහිදි කඩුලු 2 බැගින් ලබා ගත්තා. අද දවසට තරඟය නතර කරද්දී ලංකාව කඩුලු 8 ක් දැවී 200 ක් ලබාගෙන තියෙනවා. එ් අනුව ලංකාව දෙවෙනි ඉනිමේ ලකුණු 312 ක් ඉදිරියෙන් ඉන්නේ.
හෙට තරඟයේ 3 වෙනි දවස. පන්දුව කැරකැවෙන විදිය බැලුවාම නම් ලංකාවට පහසු ජයක් පේනවා. කොහොම වුනත් අපි බලමු හෙට තරඟය කොහොම වෙයිද කියලා.