News Line| Off Air
Generic placeholder image

Feb
10

අද ලග්න දෙකකට විදේශ ගතවීමේ අවස්ථාව. ඔබේ ලග්නයට කොහොමද කියල මෙතනින් බලන්න.

517 Views


අද ලග්න දෙකකට විදේශ ගතවීමේ අවස්ථාව. ඔබේ ලග්නයට කොහොමද කියල මෙතනින් බලන්න.

අද පෙබරවාරි මස 10 වනදා
රාහු කාලය  දිවා කාලය සඳහා උදෑසන 09.27 සිට උදෑසන 10.56 දක්වා, රාත්‍රී කාලය සඳහා රාහු කාලය රාත්‍රී 09.23 සිට රාත්‍රී 10.54 දක්වා 
සුභ දිශාව: උතුර 
අසුභ දිශාව: නැගෙනහිර  

 

 

 

 

මේෂ ලග්නය

කරන කටයුතු සියල්ල හොඳින් සිතා බලා කිරීම යහපත්. ආදායම් තත්වය සුභ වන දිනයක්. වැඩිහිටි උපදෙස් මත ක්‍රියා කිරීම වඩාත් වැදගත්. ගමන් බිමන් වලින් හා ජලයෙන් ප්‍රවෙසම්ව කටයුතු කරන්න. තැනට සුදුසු නුවනින් යුතුව කටයුතු කිරීමට වග බලාගන්න. ආගමානුකුලව දිනය ආරම්භ කරන්න.
ජය වර්ණය: රතු පැහැය                                             ජය අංකය: 05

වෘෂභ ලග්නය

තම ශරීර සෞඛ්‍ය පිළිබඳව වෙනදට වඩා සැළකිලිමත් විය යුතු දිනයක්. ඉවසීමෙන් යුතුව, තැනට සුදුසු නුවන යොදාගනිමින්, අන් අයගේ මෙන්ම විශේෂයෙන්ම වැඩිහිටයන්ගේ උපදෙස් මත ක්‍රියා කිරීම වඩාත් වැදගත් වන දිනයක්. ඔබේ ගෞරවයට හානි වන දිනයක් බැවින් කෝපය දුරලා අන් අය සමඟ වඩාත් සුහදව කටයුතු කිරීමට වග බලාගන්න.
ජය වර්ණය: සුදු පැහැය                                                      ජය අංකය: 03

මිථුන ලග්නය

කරන කියන වැඩ වලින් වඩාත් සාර්ථකත්වයක් ලබාගත හැකි දිනයක්. මුදලක් ආයෝජනයට මෙන්ම නව ව්‍යාපාර වලට වඩාත් සුභ දිනයක්. තරග විභාග හා ක්‍රීඩා කටයුතු වලටද ඉතාම සුභ දිනයකි. වැඩිහිටි උපදෙස් මත කල්පනාකාරීව කටයුතු කරන්න.
ජය වර්ණය: කොළ පැහැය                                                  ජය අංකය: 04

 

කටක ලග්නය

ඔබේ සිතට මෙන්ම ගතටද වඩාත් සුවදායක දිනයකි. නමුත් ආශාවන්ට ලොල් නොවී කටයුතු කිරීමට වග බලාගන්න. සිත පාලනය කරන්න. තම දෙමව්පියන්ට ආදරය හා සෙනෙහස දක්වන්න. ආගමනුකුලව දිනය ආරම්භ කරන්න.
ජය වර්ණය: ක්‍රීම් පැහැය                                             ජය අංකය: 07

සිංහ ලග්නය

ආදායම් තත්වය යහපත් වන දිනයකි. රැකියා බාධා ඉවත්ව යන දිනයක් වන අතර විදෙස්ගත වීමට බලාපොරොත්තුවෙන් සිටියා නම් ඒ සඳහා උත්සාහ කරන්න ඉතාම සුභ දිනයක්. පවුලේ අය අතරද කල්පනාකාරීව වැඩ කටයුතු කිරීම වැදගත් වන අතර දෙමව්පියන් වෙනුවෙන් වෙහෙස විය යුතු දිනයක්. ඉවසීමෙන් යුතුව කටයුතු කරන්න.
ජය වර්ණය: රන්වන් පැහැය                                             ජය අංකය: 06

කන්‍යා ලග්නය

ඔබේ වාසනාව ඉතාම සුභ ලෙස ඔබට බලපාන දිනයක්. අලුතින් දෙයක් ආරම්භ කරන්න. ආදායම් තත්වයද ඉතාම යහපත්. ඔබේ රෝගාබාධ දුරුවන දිනයක්. නිහතමානීව හා අවංකව තැනට සුදුසු නුවනින් යුතුව කටයුතු කරන්න.
ජය වර්ණය: රෝස පැහැය                                                  ජය අංකය: 02

 

තුලා ලග්නය

ඕන නොසිතූ අයුරින් ඔබට ජයග්‍රහණ ලැබෙන දිනයකි. අන් අය අතර ඔබේ වචනය බලවත් වන, ඔබේ බලය පතුරුවාලිය හැකි දිනයකි. තැනට සුදුසු නුවනින් යුතුව කටයුතු කරන්න. ධන ලාභය හා පොළොවෙන් ලැබෙන ධනයද ලබාගත හැකි දිනයකි. සාමකාමිව දිනය ගත කරන්න.
ජය වර්ණය: තැඹිලි පැහැය                                                   ජය අංකය: 05

 

වෘශ්චික ලග්නය

 

රැකියා කටයුතු වල යහපත් වෙනසක් ඇතිවන දිනයකි. ඔබේ යටපත් වූ දක්ෂතා නැවත මතුවන දිනයකි. ඔබේ මතය අනුව කටුතු කිරීම හා අන් අය නොසලකා හැරීම නිසා පාඩු ඇතිවිය හැකි දිනයකි. වැඩිහිටි උපදෙස් මත පරාර්ථකාමිව කටයුතු කරන්න. දිනය වඩාත් යහපත් වේවි.
ජය වර්ණය: රතු පැහැය                                              ජය අංකය:08

 

 

ධනු ලග්නය

ඔබේ උත්සාහය අනුව දිනය සාර්ථක කරගත හැකිය. වැඩක් පටන් ගැනීමට, නිවසක් තැනීමට ආරම්භ කිරීමට සිටිය නම් ඒ සඳහා අවශ්‍ය වැඩ නොපමාව ඉටුකිරීමට ඉතාම සුභ දිනයක්. තැනට සුදුසු නුවණින් යුතුව අරපිරිමැස්මෙන් කටයුතු කිරීමට අග බලාගන්න. ආගමානුකුලව දිනය ගතකිරීම වඩාත් යහපත්.
ජය වර්ණය: තැඹිලි පැහැය                                             ජය අංකය: 06

 

 

මකර ලග්නය

කලකට පසු නොසිතූ අයුරින් ධන ලාභ ඇතිවන දිනයකි. රැකියාවේ සාර්ථකත්වයක්ද ඇතිවිය හැකි දිනයකි. උසස් පුද්ගල ඇසුර ඇතිවන දිනයකි. කලා නිර්මාණ වන  නියැලෙන්නන්ට ඉතාම සුභ දිනයකි. වගකීමෙන් යුතුව කල්පනාකාරීව වැඩ කටයුතු කරගෙන යන්න.
ජය වර්ණය: නිල් පැහැය                                                           ජය අංකය: 02

 

 

කුම්භ ලග්නය

ඔබ උසස්වීමක්, වාහනයක් බලාපොරොත්තුවෙන් සිටිය නම් ඒ සඳහා අවශ්‍ය ආර්ථික ශක්තිය ඇතිවන දිනයකි. විදෙස් ගමන් ඇතිවන දිනයක් වන අතර වන්දනා ගමනද යෙදෙන දිනයකි. ඔබේ කාරුණික බව හා දෙමව්පියන්ගේ ආශිර්වාදය තුල දිනය වඩාත් යහපත් කරගැනීමේ හැකියාව පවතින දිනයකි.
ජය වර්ණය: ලා නිල් පැහැය                                                        ජය අංකය: 03

 

 

මීන ලග්නය

සිතෙහි සතුට වැඩි වන, ආර්ථික තත්වය වඩාත් යහපත් වන දිනයකි. උසස් අය දැන හඳුනාගන්නා දිනයක් වන අතර ගරු නම්බු, ප්‍රශංසා හා තම තත්වය උසස් වන කීර්තිය ලැබෙන දිනයකි. කාර්මීක ක්ෂේත්‍රයේ රැකියා කරන්නන්ට ඉතාම සුභ දිනයකි. නිහතමානිව කටයුතු කිරීමට වග බලාගන්න.
ජය වර්ණය: රන්වන් පැහැය                                                   ජය අංකය: 019
ප්‍රවීණ ජ්‍යෝතිෂවේදී වයි. එම්. කේ. යාපා බණ්ඩාර
දුරකථන:  0777 44 86 44    


News Articles
Latest Videos
Most Popular Post