News Line| Off Air
Generic placeholder image

Feb
10

අයිස් මිදුන මොරිට්ස් විල මත මහේල, ඩිල්ෂාන් සහ මාලිංග ක්‍රිකට් ගහපු හැටි. (Video)

624 Views


අයිස් මිදුන මොරිට්ස් විල මත මහේල, ඩිල්ෂාන් සහ මාලිංග ක්‍රිකට් ගහපු හැටි. (Video)

ලෝකයේ පළවෙනි අයිස් මත ක්‍රිකට් තරඟාවලිය ඊයේ අවසන් වුණා. මේ තරඟාවලිය පැවැත් වුණේ ස්විස්ටර්ලන්තයේ ශාන්ත මොරිට්ස් ප්‍රදේශයේ. සෙල්සියස් අංශක සෘණ 7 ක උෂ්නත්වයක් යටතේ මිදුණ මොරිටස් විල මත තමයි මේ තරඟාවලිය පැවැත් වුණේ.

ලෝකයේ ක්‍රිකට් දැවැන්තයින් මේ තරඟාවිලයට එකතු වෙලා තිබ්බා. ශ්‍රී ලංකාවෙන් මහේල ජයවර්ධන, තිලකරත්න ඩිල්ශාන් සහ ලසිත් මාලිංග සහභාගී වුණා. විරේන්දු ශෙවාග් නායත්වය දුන්න ඩයමන්ඩ් සහ අෆ්‍රිඩී නායකත්වය දුන්න රොයල්ස් කණ්ඩායම් අතර තමයි තරඟාවලිය පැවැත් වුණේ. ලංකාවේ ක්‍රීඩකයන් තුන්දෙනාම ක්‍රීඩා කලේ ඩයමන්ඩ්ස් පිළට.

පැවැත්වුණ තරඟ දෙකෙන්ම විශිෂ්ඨ ජයක් අෆ්‍රිඩීගේ රෝයල්ස් කණ්ඩායම දිනා ගත්තා. ඊයේ තිබ්බ තරඟයේ මුලින්ම පන්දුවට පහර දුන්නේ ඩයමන්ඩ්ස් පිල. ඔවුන් පන්දුවාර 20 අවසානයේ ලකුණු 205 ක් රැස් කරා. ෂෙවාග් ලකුණු 48 යි. ඩිල්ෂාන් ලකුණු 5 යි. මහේල පළවෙනි පන්දුවෙන්ම දැවී ගියා. සයිමොන්ඩ්ස් නොදැවී ලකුණු 67 යි. කයිෆ් ලකුණු 57 යි. අබ්දුල් රසාක් කඩුලු 3 ක් දවා ගත්තා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කල රෝයල්ස් කණ්ඩායම පන්දුවාර 16 කදී තරඟය ජයග්‍රහණය කරා. ස්මිත් ලකුණු 58 යි. දැවැන්ත ඉනිමක් ක්‍රීඩා කල ජැක් කලිස් නොදැවී ලකුණු 90 යි. එ් 4 පහර 13 ක් සහ 6 පහර 4 ක් එක්ක. ඔවිස් ෂා නොදැවී ලකුණු 43 යි. මේ තරඟයේදී නම් මාලිංගට කඩුලු දවා ගන්න බැරි වුණා.

තරඟාවලියට සහභාගී වුණ ක්‍රීඩකයන් කිව්වේ අපූරු අත්දැකීමක් ලබා ගත්තා කියලා. මේ තියෙන්නේ අයිස් මත ගහපු දෙවෙනි ක්‍රිකට් තරඟයේ විශේෂ අවස්ථා.

https://youtu.be/EzN6Z6i7edY


News Articles
Latest Videos
Most Popular Post