News Line| Off Air
Generic placeholder image

Feb
10

නයනතාරගේ උපන්දිනය ගෙදර සැමරුවේ නැත්තේ ඇයි? ඇත්තම හේතුව මෙන්න.

1223 Views


නයනතාරගේ උපන්දිනය ගෙදර සැමරුවේ නැත්තේ ඇයි? ඇත්තම හේතුව මෙන්න.

නයනතාරා වික්‍රමාරච්චි කියන්නේ මේ දවස්වල ජනප්‍රිය තලයේ ඉන්න නිලියක්. ඉතින් පහුගිය දවසක තමන්ගේ විසි වැනි උපන් දිනය සැමරුවා. නයනතාරා විසිවැනි උපන් දිනය සැමරුවේ වෙනස්ම ආකාරයකට වීමත් විශේෂත්වයක්. පොළොන්නරුවේ පිහිටි විශේෂ අවශ්‍යතා ඇති අයගේ නිවාසයකට ගිහින් ඒ අයට දිවා ආහාරය සපයලා දවස පුරාම ඔවුන් සමග ගත කරලා තමයි ඇය තමන්ගේ 20 වැනි උපන් දිනය සමරුවේ. මේ ඇය ඒ ගැන සති අන්ත පුවත්පතකට කියපු කතාවක්.

ඇයි ඔබ මේ වතාවේ වෙනස්ම ආකාරයට උපන් දිනය සමරන්න හිතුවේ?
මගේ යාළුවෙක් ඉන්නවා පැතුම් ඒකනායක කියලා. එයා තමයි මට මේ ස්ථානය ගැන කිව්වේ. මටත් හිතුනා එතැනට ගිහින් ඒ අය වෙනුවෙන් යමක් කරන්න. ඒ හින්දා මම උපන් දිනය සමරන්න ඒ ස්ථානය තෝරා ගත්තා.

ඔය කියන ස්ථානයේ තිබු විශේෂත්වය මොකක්ද?
ඒක විවිධ ආබාධයන්ගෙන් පෙළෙන අය ඉන්න නිවාසයක්. අඳ ගොළු බිහිරි අය වගේම නොමේරූ මානසිකත්වය ඇති අයත් එතැන ඉන්නවා. වයස 10 පටන් 45 දක්වා අය ඉන්නවා. සමාජයම කොන් කළ පිරිසකට මානසික වශයෙන් නැගිටින්න හුදකලාව මකාගන්න අවශ්‍ය වටපිටාව සපයල දෙන එක තමයි මෙතැනින් කරන්නේ. ‍පොළොන්නරුව හේවාගම පිහිටි මේ ස්ථානය පවත්වාගෙන යන්නේ මානෙල් දයාසිරි මහතායි. මෙය ඔහු පෞද්ගලිකව පවත්වාගෙන යන නිවාසයක්. 027-3270509 අංකයට කතා කරලා ඕනෑම කෙනෙකුට මේ ස්ථානය වෙනුවෙන් යමක් කරන්න පුළුවන්.

එදා දවස ගත වුණේ කොහොමද?
අපි කළින් දවසේ ‍පොළොන්නරුවට ගිහින් නැවතිලා ඉඳලා පහුවදා තමයි එතැනට ගියේ. මේ කියන නිවාසයේ හිටපු හැමෝටම අපි දිවා ආහාරය ලබා දුන්නා. දවසම වගේ ගත කළේ ඒ අයත් එක්කයි.

කලා ලෝකේ හිතවතුනුත් ඔය ගමනට එකතු වුණාද?
නැහැ. මමයි අපේ පවු‍ලේ අයයි විතරයි ගියේ. අම්මගේ යාළුවොයි වගේ ළඟම යාළුවෝ දෙන්නෙකුයි ගමනට එකතු වුණා.
උපන් දිනය සමරන්න සාද පවත්වනවා වෙනුවට මේ වගේ දෙයක් කරපු එක ගැන හුඟක් සතුටු ඇති නේද?
ඇත්තෙන්ම ඔව්. එදා දවස හරිම සංවේදී දවසක්. ඒ හැමෝටම ඒ විදියට අඩු ලුහුඬුකම් ඇතිවෙලා තියෙන්නේ එයාලගේ වරදක් නිසා නොවෙයි. ඒත් ඒ අයට සමාජයේ ඉඩක් නැහැ. හැමෝම කොන් කරන හින්දා ඒ අය ආදරය අවධානය හරියට බලා‍පොරොත්තු වෙනවා. එක එක්කෙනාගේ හැසිරීම් පවා වෙනස්. ඒ හැසිරීම් දැක්කම මගේ හිත තදින්ම සංවේදී වුණා.

ඒ අතරින් නයනතාරා වැඩියෙන්ම සංවේදී වූ ඇහැට කඳුළක් එක් කළ අවස්ථාව මොකක්ද?
වයස 18ක විතර පිරිමි ළමයෙක් හිටියා. එයාගේ මොළේ වර්ධනය නම් ගොඩක් අඩුයි. ඒ ළමයා නිතරම ඉන්නේ අනිත් අයගෙන් ඈත්වෙලා. අත කනට ළං කරලා දුරකථනයෙන් කතා කරන විදියට නිතරම මොනවාදෝ මුමුණනවා. මම ඒ ළමයාට ළං වෙලා බැලුවා. හලෝ අම්මේ මට ආදරෙයි නේද අම්මේ කියලා තමයි ඒ ළමයා කියන්නේ. එයාගේ දෙමාපියෝ ඒ ළමයා මෙහෙට භාරදීලා තියෙන්නේ අවුරුදු 10දි විතරලු. ඒ අය එදායින් පස්සේ කවමදාවත් ළමයා
බලන්න ඇවිල්ලා නැහැ. ඒ දෙමාපියෝ මේ ආයතනයට දීලා තියෙන්නේ බොරු ඇඩ්‍රස් එකකුයි බොරු දුරකථන අංකයකුයි. ඒ ළමයා හැමදාම බලා ඉන්නේ එයාගේ අම්මා එනකල්. ඒ සිද්ධිය ඇහුවාම මගේ හදවත සසල වුණා. විතරක් ‍නෙවෙයි ඇස්වලටත් කඳුළු ආවා.


News Articles
Latest Videos
Most Popular Post