News Line| Off Air
Generic placeholder image

Feb
10

රොෂේන් සිල්වා කණ්ඩායමේ බර කරට ගනී. ශ්‍රී ලංකාව ජයග්‍රහණය පෙනෙන මායිමේ.

682 Views


රොෂේන් සිල්වා කණ්ඩායමේ බර කරට ගනී. ශ්‍රී ලංකාව ජයග්‍රහණය පෙනෙන මායිමේ.

ශ්‍රී ලංකාව දෙවෙනි ඉනිමට ලකුණු 339 ක දැවැන්ත ඉලක්කයක් බංගලාදේශයට ලබා දුන්නා. තරඟයේ තුන්වෙනි දවස අද. ලංකාව අද පිටියට අාවේ කඩුලු 8 ක් දැවී ලකුණු 312 ක් ලබා ගෙන.

දිමුත් කරුණාරත්න ලකුණු 32 යි. ධනංජයද සිල්වා ලකුණු 28 යි. නායක චන්දිමාල් ලකුණු 30 ක් ලබා ගෙන සිටියදී දැවී ගියා. සුරංග ලක්මාල් ලකුණු 21 ක් ලබා ගත්තා. තරඟාවලියේ පිට පිට තුන්වෙනි අර්ධ ශතකයත් වාර්තා කරන්න රොෂේන් සමත් වුණා. ඔහු නොදැවී ලකුණු 70 යි.

ජයග්‍රහණය සඳහා බංගලාදේශයට ලකුණු 339 ක දැවැන්ත ඉලක්කයක් ලැබිලා තියෙනවා. තරඟයට තව දවස් 3ක් ඉතිරි වෙලා තියෙනවා. තණතිල්ල එන්න එන්නම දඟ පන්දු යවන්නන්ට වාසි සහගත වෙනවා. එ් නිසා ලංකාවට ජයග්‍රහණය ගැන බලාපොරොත්තු තියා ගන්න පුළුවන්.


News Articles
Latest Videos
Most Popular Post