සාමාන්‍යයෙන් ගුවනින් යන එකනේ අාරක්ෂිතම ප්‍රවාහන ක්‍රමය කියන්නේ. හැබැයි ඉතිං ගුවන් අනතුරක් වුනොත් ලේසියෙන් බේරෙන්න බෑ.
රුසියාවේ මොස්කව් “දමදෙදවා” ජාත්‍යන්තර ගුවන් තොටුපොළෙන් ගමන් අාරම්භ කළ මගී ගුවන් යානයක් කඩා වැටුණා. ගුවන්ගත වී ටික වෙලාවකින් යානය කඩන් වැටුණා කියලයි රුසියානු මාධ්‍ය වාර්තා කළේ. මොස්කව් අගනුවරට ගිනිකොණ දෙසින් පිහිටි “අර්ගුනවා” ගම්මානයට ගුවන් යානය කඩා වැටුණා.
අනතුර සිදු වෙන වෙලාවේ යානයේ සිටි මගීන් 71 දෙනාම ජීවිතක්ෂයට පත්වෙලා තියෙනවා. යානයේ සුන්බුන් සහ මළ සිරුරු විසිර තිබෙන බන රුසියානු මාධ්‍ය වාර්තා කරනවා.