News Line| Off Air
Generic placeholder image

Feb
12

පාර්ලිමේන්තුවේ බහුතරය පෙන්නන්න – ජනපතිගෙන් අභියෝගයක්.

1831 Views


පාර්ලිමේන්තුවේ බහුතරය පෙන්නන්න – ජනපතිගෙන් අභියෝගයක්.

පොදුජන පෙරමුණ පළාත් පාලන ඡන්දය ජයග්‍රහණය කිරීමත් එක්ක හිටපු ජනාධිපතිවරයා අගමැති කරන්න කියලා එ්කාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරු කිව්වා. මාධ්‍ය හරහා කරපු ප්‍රකාශවලට ජනාධිපතිවරයා පිළිතුරු දෙන්න ලෑස්ති වෙනවා.

පාර්ලිමේන්තුවේ බහුතරය පෙන්නන්න කියලා ජනාධිපතිවරයා එ්කාබද්ධ විපක්ෂයෙන් ඉල්ලා සිටින්න හදනවා කියලා ජනාධිපති කාර්යාල අාරංචි මාර්ග සඳහන් කරනවා. එ් වගේම අගමැති කාර්යාලයේ අාරංචි මාර්ග කියන්නේ ශ්‍රීලනිප පාර්ශවය අාණ්ඩුවෙන් ඉවත් වෙන ඕනෑම මොහොතක එජාපයේ බහුතරය පෙන්වන්න අගමැති සූදානමින් ඉන්නවා කියලා.

මේ වෙද්දිත් එක්සත් ජාතික පක්ෂයට පාර්ලිමේන්තුවේ අාසන 106 ක් තියෙනවා. තනි අාණ්ඩුවක් පිහිටුවන්න අවශ්‍ය වුනොත් එ් සදහා වෙනත් මන්ත්‍රීවරු පිරිසක් එජාපයට එන්නත් සූදානමින් ඉන්නවාලු.

Infosrilankanews අැසුරෙන්.


News Articles
Latest Videos
Most Popular Post