පළාත් පාලන මැතිවරණයෙන් උණුසුම් වුන බුකියේ Trend එක කඩන කොන්ත්‍රාත්තුව මේ වෙද්දී අලුත් ගැහැණු ළමයෙක් භාර අරගෙන තියෙනවා. ඇස් වලින් එක එක විදිහට වැඩ දාන ඇය, මැතිවරණ උණුසුම ලංකාවේ බුකියෙන් අයින් කරන්න සමත් වෙලා තියෙනවා. ඒ නිසාම මේ කවුද කියල හොයල බලන්න ගොඩක් දෙනෙක් මේ වෙද්දී උනන්දුවක් දක්වනවා. ඒ නිසාම සියත 24 අපි ඇය ගැන ඔබට කියන්න ලෑස්තියි.
ඇයගේ සම්පුරණ නම ප්‍රියා ප්‍රකාශ් වොරියර්. Nik Name එක වෙන්නේ ප්‍රියු. ඇය ඉපදිලා තියෙන්නේ, ඉන්දියාවේ කේරල ප්‍රාන්තයේ “පුනක්කම්” ගමේ. වයස අවුරුදු 18ක් වෙන ඇය මේ වෙද්දී තෙලිඟු සිනමාවට අලුතින් ආපු නිළියක්. ඇයගේ මව් භාෂාව මලයාලම් වුනත් ඉංග්‍රීසි භාෂාව හොඳට හසුරුවන්න පුළුවන්. ඇය B.Com උපාධිය හදාරමින් ඉන්න ශිෂ්‍යාවක්. ඇයගේ උස අඩි 5යි අඟල් 5 ක් සහ බර කිලෝ 48ක්. ඇයගේ විනෝදාංශ වෙන්නේ; ගීත ගායනය, නර්තනයේ යෙදීම සහ සංචාරය කිරීම.
සමාජ මාධ්‍ය කළබපු මේ ගීතය (Manikya Malaraya Poovi ) ඇතුලත් Oru Adaar Love චිත්‍රපටය තමයි ඇයගේ ප්‍රථම චිත්‍රපට රංගනය. ඉතින් මේ ලිපිය ලියන වෙලාව වෙනකොට YouTube Trending වල 23 වෙනි තැනට එන්න මේ ගීතයට හැකියාව ලැබිල තියෙනවා. පහතින් ඔබට එම සම්පුර්ණ ගීතය නරඹන්න පුළුවන්.
https://youtu.be/W0fKl43QmIE