2018 පළාත් පාලන ඡන්දයෙන් එජාපයට සහ ශ්‍රීලනිපයට දරුණු පරාජයන්ට මුහුණ දෙන්න සිද්ධ වුණා. මේ නිසා ලංකාවේ දේශපාලන ලෝකය මේ වෙද්දි ලොකු කැලඹීමක ඉන්නේ. ඉස්සරහට විශාල පෙරළි රැසක් වෙන්න ඉඩකඩ තියෙනවා.
මේ වෙද්දි එක්සත් ජාතික පක්ෂය සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එක්ව තමයි අාණ්ඩුව පිහිටුවලා තියෙන්නේ. නමුත් තනි එක්සත් ජාතික පක්ෂ අාණ්ඩුවක් පිහිටුවන්න ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ එකඟතාවය ලැබිලා තියෙනවා. ඊයේ (11) රාත්‍රියේ ජනාධිපතිතුමා සහ අගමැතිතුමා අතර තිබ්බ සාකච්ඡාවකින් මේ එකඟතාවයට අැවිත් තියෙනවා.
එජාප ප්‍රතිපත්ති වලින් සමන්විත තනි එජාප අාණ්ඩුවක් හදන්න කියලා එජාප මන්ත්‍රීවරු අගමැතිතුමාගෙෙන් ඊයේ ඉල්ලා සිටියා. ජාතික අාණ්ඩුවක් වෙනුවෙන් එක්සත් ජාතික පක්ෂය සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අතර තිබ්බ ගිවිසුම පහුගිය දෙසැම්බර් 11 න් අවසන් වුණා. මේ නිසා ඕනෑම වෙලාවක තනි අාණ්ඩුවක් හදන්න පක්ෂ දෙකටම අවස්ථාව තියෙනවා.
infosrilankanews ඇසුරෙන්.