News Line| Off Air
Generic placeholder image

Feb
13

අද ලග්න දෙකක් ආහාර ගැනීමේදී සැලකිලිමත් වෙන්න. ඔබේ ලග්නයට කොහොමද කියලා මෙතනින් බලන්න.

614 Views


අද ලග්න දෙකක් ආහාර ගැනීමේදී සැලකිලිමත් වෙන්න. ඔබේ ලග්නයට කොහොමද කියලා මෙතනින් බලන්න.

අද ජනවාරි මස 13 වනදා
රාහු කාලය දිවා කාලය සඳහා සවස 03.23 සිට 04.53 දක්වාද, රාත්‍රී කාලය සඳහා රාහු කාලය අලුයම 03.26 සිට 04.58 දක්වා
සුභ දිශාව නැගෙනහිර

 

 

මේෂ ලග්නය

පොළොවෙන් ලැබෙන සැප සම්පත් හිමිවන දිනක් වන අතර කෘෂිකර්මාන්තයේ යෙදෙන්නන්ට සුභ දිනයකි. නව රැකියාවක් කෙරෙහි මෙන්ම ව්‍යාපාරයක් බලාපොරොත්තුවෙන් සිටියා නම් ඒ සඳහා උත්සාහ කිරීමට ඉතාම සුභ දිනයක්. කෙසේවුවත් තරමක් කල්පනාකාරීව කටයුතු කරන්න.
ජය වර්ණය:  ලා රෝස පැහැය                                            ජය අංකය: 01

වෘෂභ ලග්නය

විදෙස්ගත වන්න සුභ දිනයක් වන අතර විදේශ සම්බන්ධතා ඇතිවන දිනයකි. ගමන් බිමන් ඇතිවන අතර නව මිතුරන් හමුවන දිනයක්. එඩිතරව හා දැඩි කැපවීමෙන් යුතුව කටයුතු කරන දිනයකි. ආත්ම විශ්වාසයෙන් යුතුව ආගමානුකුලව දිනය ආරම්භ කරන්න. දවස වඩාත් සුභ වේවි.
ජය වර්ණය: තැඹිලි පැහැය                                                   ජය අංකය: 09

මිථුන ලග්නය

ගංගා ඇලදොළ හා මුහුදු ආශ්‍රිතව ගැවසීමේදී වඩාත් ප්‍රවේසම් වන්න.  ආහාර ගැනීමේදී වෙනදට වඩා සැළකිලිමත් විය යුතු දිනයකි. ආගමනුකුලව හා ව්‍යායාම තුලින් දිනය ආරම්භ කරන්න. පිනට දහමට යොමුවන සුභ දිනයකි. කරන වැඩ කටයුතු සියල්ලක්ම මහන්සි වී සිදු කරන්න.
ජය වර්ණය: ලා කොළ පැහැය                                             ජය අංකය: 08

කටක ලග්නය

අනවශ්‍ය ප්‍රවේසම ඔබට හානිකර විය හැකිය. සුභ මංගල යෝග ඇතිවන දිනයකි.. නව මිතුරන් හමු වන දිනයක් වන අතර අන් අය ඉතාම හොඳින් තේරුම් ගත හැකි දිනයකි. වඩාත් කල්පනාකාරීව වැඩ කටයුතු කරගෙන යන්න. දවස වඩාත් සුභ වේවි.
ජය වර්ණය:  දීප්තිමත් සුදු පැහැය                                        ජය අංකය: 07

සිංහ ලග්නය

ඔබේ සෞඛ්‍ය තත්වය පිළිබඳව වෙනදට වඩා වැඩියෙන් සැළකිලිමත් විය යුතු දිනයකි. කුසට නිසි ආහාර ගැනීම වඩාත් වැදගත්. මනා පෞරුෂයක් පෙන්වන දිනයක් වන අතර එඩිතරව වැඩ කටයුතු කරන දිනයකි. ආගමනුකුලව දිනය ආරම්භ කරන්න.  කල්පනාකාරී වීම වඩාත් වැදගත්.

ජය වර්ණය: රන්වන් පැහැය                                       ජය අංකය: 06

කන්‍යා ලග්නය

අතපසු වුනු සියලුම වැඩ කටයුතු නැවත ආරම්භ කිරීමට සුදුසු දිනයකි. ව්‍යාපාර වලින් වැඩි ලාභ ලබාගත හැකි දිනයකි. වෙළඳාමට, ව්‍යාපාර වලට හා වානිජකරණයට දක්ෂ වන ඔබට ඉතාම වැදගත් වන දිනයක්. එබැවින් මහන්සියෙන් හා කැපවීමෙන් යුතුව වැඩ කටයුතු කරන්න. සුභ මංගල යෝගද ඇතිවන දිනයකි.
ජය වර්ණය: තද කොළ පැහැය                                                ජය අංකය: 05

 

තුලා ලග්නය

නිර්මාණ කටයුතු වලට වඩාත් සුභ දිනයකි. අවශ්‍යතාවය අනුව ඔබ ඉතාම හොඳ දේ තෝරාගෙන වැඩ කටයුතු කරන දිනයකි. බුද්ධියෙන් යුතුව මෙන්ම ඉතාම ජවසම්පන්නව තම වැඩ කටයුතු ආරම්භ කරන්න. නිවසට අවශ්‍ය දේවල් ගැනීමට වැඩියෙන් වෙහෙසවීමට සිදුවන අතර සතුට සෞභාග්‍ය ඇතිවන දිනයකි.
ජය වර්ණය: තද තැඹිලි පැහැය                                                  ජය අංකය: 04

 

 

වෘශ්චික ලග්නය

 

කායික ශක්තිය ඉහල දිනයකි. පැරණි කුසලතා මතුවන ඒවා මගින් තම හැකියාවන් ප්‍රදර්ශනය කරන දිනයකි. තම ව්‍යාපාර කටයුතු වෙනුවෙන් වැඩියෙන් කැපවන දිනයක් වන අතර සාර්ථකව දිනය ආරම්භ කරයි. ක්‍රීඩා හා අධ්‍යාපන කටයුතු වලටද වඩාත් යෝග්‍ය දිනයකි. ආගමනුකුලව දිනය ආරම්භ කරන්න. දවස වඩාත් සුභ වේවි.
ජය වර්ණය: ලා රතු පැහැය                                          ජය අංකය: 03

 

ධනු ලග්නය

නිදහසේ දිනය ගත කිරීමට වෙහෙසෙයි. වැඩි කතාබහක් නොමැතිව, ඉතා බුද්ධිමත්ව හා ආගමානුකුලව දිනය ගත කරයි. ඔබේ අසනීප තත්වයන් සමනය වී යන ස්භාවයක් පෙන්නුම් කරන දිනයකි. මනා ආත්ම විශ්වාසයකින් යුතුව කටයුතු කරන්න. කල්පනාකාරීව වැඩ ආරම්භ කරන්න.
ජය වර්ණය: ගුරු පැහැය                                 ජය අංකය: 02

 

 

මකර ලග්නය

හිත් අමනාපයෙන් ගෙවන කාලයකි. නමුත් මහන්සි වී වැඩ කරන්න. ආගමානුකුලව දිනය ආරම්භ කරන්න. පෞරාණික භාණ්ඩ වලට වැඩියෙන් ඇලුම් කරන, ඒවා ලැබෙන දිනයකි. වඩාත් සිතා බල වැඩ කටයුතු ආරම්භ කරන්න. කල්පනාකාරී වීමට හා ඉවසිලිවන්ත වීමට වග බලාගන්න. දිනය වඩාත් යහපත් වේවි.
ජය වර්ණය: ලා නිල් පැහැය                                        ජය අංකය: 01

 

 

කුම්භ ලග්නය

කෝපයෙන් යුතුව කටයුතු කිරීමට හැකි දිනයකි. එබැවින් කල්පනාකාරී වන්න. මනා සැලසුමකින් යුතුව හා සුක්ෂමව ඔබේ වැඩ කටයුතු කරගෙන යා හැකි දිනයකි. නමුත් නොසැලකිලිමත් බැවින් කටයුතු කල හැකි දිනයකි. කලබලයකින් තොරව හොදින් සිතා බලා නිවැරදි තීරණ ගැනීමට වග බලාගන්න.
ජය වර්ණය: තද නිල් පැහැය                                         ජය අංකය: 03

 

 

මීන ලග්නය

ඔබේ ආධ්‍යාත්මීක ශක්තිය වෙනදට වඩා වඩාත් ඔබට බලපාන දිනයකි. ආගමනුකුල කටයුතු වලටද වැඩියෙන් යොමු වන දිනයකි. පොළොවෙන් ලැබෙන සැප සම්පත් හිමිවන දිනක් වන අතර කෘෂිකර්මාන්තයේ යෙදෙන්නන්ට සුභ දිනයකි.  භාවනාවකින් යුතුව දිනය ආරම්භ කරන්න. හොඳ ආත්ම විශ්වාසයකින් යුතුව රැකියා කටයුතු කරගෙන යා හැකි සුභ දිනයකි. අන් අයගේ ආදරයද ඔබට නොමදව ලැබෙයි.
ජය වර්ණය: රතු මිශ්‍ර කහ පැහැය                             ජය අංකය: 02
ප්‍රවීණ ජ්‍යෝතිෂවේදී ලක්ෂ්මන් යූ. ලියනගේ
දුරකථන: 011 50 10 829


News Articles
Latest Videos
Most Popular Post