ආණ්ඩුවේ තනි අයිතිය ඉල්ලා එජාප පාර්ලිමේන්තු මන්ත්‍රීවරු ජනපති හමුවට. – Exclusive
676 Views
මේ වෙද්දි අගමැතිතුමාගේ ප්‍රධානත්වයෙන් අරලියගහ මන්දිරයේ විශේෂ සාකච්ඡාවක් පැවැත්වෙනවා. ඒ සදහා එජාපයේ ඇමතිවරු, නියෝජ්‍ය ඇමතිවරු වගේම පසුපෙළ මන්ත්‍රීවරු සියලු දෙනා සහභාගීවී සිටිනවා. මෙම සාකච්ඡාවේදී එජාප තනි ආණ්ඩුව පිළිබදව පුළුල් ලෙස සාකච්ඡා කෙරෙනවා.
විශ්වාසවන්ත ආරංචි මාර්ග වලින් දැනගන්න ලැබුණු විදිහට මේ සාකච්ඡාවෙන් පසුව එජාප මන්ත්‍රීවරු ජනාධිපතිතුමා හමුවීමට නියමිතයි. එහිදී තනි ආණ්ඩුවක් සෑදීමට එජාපය තීරණය කළ බවත් ජනපති මේ පිළිබද දරණ මතය කුමක්ද යන්නත් විමසීමට නියමිතයි.