ශ්‍රී ලංකාව සහ බංගලාදේශය අතර T20 තරඟාවලිය අද පටන් ගන්නවා. පළවෙනි T20 තරඟය අද හවස 4.30 ට ම මීර්පූර් ක්‍රීඩාංගණයේදී අාරම්භ වෙනවා.
අද තරඟයට සහභාගී වෙන්න හිටිය අසේල ගුණරත්න අාබාධයකට ලක්වෙලා තියෙනවා. අද තරඟය සඳහා පන්දු රැකීමේ පුහුණුවීම් කරද්දී තමයි ඔහු ආබාධයට ලක්වෙලා තියෙන්නේ. මේ නිසා ඔහුට සැත්කමක් කරන්න සිදුවෙලා තියෙනවා.
අසේල අද හවස ලංකාව එන්න නියමිතයි. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කිව්වේ ඔහු වෙනුවට ක්‍රීඩකයෙක් බංගලාදේශයට යවන්නේ නෑ කියලයි. එ් නිසා ඔහු වෙනුවට කුසල් මෙන්ඩිස්ට අවස්ථාව ලැබෙන්න වැඩි ඉඩක් තියෙනවා.