මේ දවස්වල ලංකාවේ ප්‍රධානම මාතෘකාව තමයි ලංකාවේ අාණ්ඩුව කාටද කියලා. දැන් තියෙන වාතාවරණය එක්ක රනිල් අගමැති වෙයිද, නිමල් අගමැති වෙයිද කියලා තමයි මිනිස්සු බලාගෙන ඉන්නේ. අලුත් අාණ්ඩු හදන්න තැන තැන ලංකාවේ රහස් සාකච්ඡා සිද්ධ වෙනවා. ලංකාවේ මේ විදියට කටයුතු වෙද්දී පොදු රාජ්‍ය මණ්ඩලයෙත් රහස් සාකච්ඡා පටන් අරන් තියෙනවා.
එ් පොදු රාජ්‍ය මණ්ඩලයේ මීළඟ නායකයා කවුද කියලා හොයන්න. මේ වෙද්දී පොදු රාජ්‍ය මණ්ඩලයේ නායකත්වය දරන්නේ දෙවන එළිසබත් රැජින. හැබැයි එතුමිටය දැන් වයස අවුරුදු 92 ක් වෙනවා. එළිසබත් රැජිනගෙන් පස්සේ පොදු රාජ්‍ය මණ්ඩලයේ නායකත්වය ප්‍රවේණි උරුමයෙන් චාල්ස් කුමාරයාට ලැබෙන්නේ නෑ. එ් නිසා තමයි මේ ගැටලුව අැතිවෙලා තියෙන්නේ.
හදිසියේවත් රැජින මිය ගියොත් සංවිධානය පාලනය කරන්නේ කවුද කියලා සාකච්ඡා කරන්න “ඉහළ මට්ටමේ කණ්ඩායමක්” පත් කරලා තියෙනවා. පොදු රාජ්‍ය මණ්ඩලයේ මහ ලේකම් කාර්යාලය සහ එහි පාලකයින් පිළිබඳව තීරණ ගන්න මේ කණ්ඩායම නිල වශයෙන් රැස් වෙනවා. පොදු රාජ්‍ය මණ්ඩල රටවල හිටපු අමාත්‍යවරු 7 දෙනෙක්ගෙන් තමයි මේ කණඩායම හැදිලා තියෙන්නේ.
මේ අවුරුද්දේ අප්‍රේල් මාසයේදී පොදු රාජ්‍ය මණ්ඩලයේ සමුළුව පැවැත් වෙනවා. ගොඩක් වෙලාවට රැජින සහභාගී වෙන අන්තිම පොදු රාජ්‍ය මණ්ඩලයේ සමුළුව වෙන්න පුළුවන් කියලයි සළකන්නේ. සමුළුවට කලින් වින්ඩ්සර් මාලිගාවේදී රාජ්‍ය නායකයන්ට සංග්‍රහයක් පැවැත් වෙනවා. ඊළඟට නායකයා කරන්නේ කවුද කියලා මේ සංග්‍රහය අතරතුරදී සාකච්ඡාවට ගන්න නියමිතයි.
චාල්ස් කුමාරයා නායකයා විදියට පත් කිරීම වඩාත් සුදුසුයි කියලයි සමහර නිලධාරීන් කියන්නේ. චාල්ස් කුමාරයා සමහර අවස්ථා වලදී රැජින වෙනුවෙන් පොදු රාජ්‍ය මණඩලයේ උත්සවවලට සහභාගී වෙනවා..