සංචාරක ශ්‍රී ලංකාව සහ බංගලාදේශ අතර පළවෙනි T20 තරඟය අද අාරම්භ වෙනවා. ඩකා නුවර ෂරේ බංග්ලි ක්‍රීඩාංගණයේදී තමයි තරඟය පැවැත් වෙන්නේ ලංකාවේ වෙලාවෙන් හවස 4.30 ට තරඟය අාරම්භ වෙනවා.
තරඟයට කලින් වැඩි වාසි කාටද කියලා අපි හොයලා බැලුවා. බංගලාදේශය සහ ලංකාව මීට කලින් 7 වතාවක් T20 තරඟවලදී මුණගැහිලා තියෙනවා. ඉන් ලංකාව තරඟ 5 ක් ජයග්‍රහණය කරලා තියෙනවා. බංගලාදේශය දිනලා තියෙන්නේ තරඟ 2 ක් විතරයි.
බංගලාදේශට එරෙහිව ලංකාව T20 තරඟයකදී ලබා ගෙන තියෙන වැඩිම ලකුණු ගණන 198 ක්. බංගලාදේශය ලංකාවට එරෙහිව ලකුණු 181 ක් වැඩිම ලකුණු විදියට වාර්තා කරනවා. එ් නිසා වැඩි වාසියක් ලංකාවට තියෙනවා.
අද තරඟයට සහභාගී වෙන්න හිටිය අසේල ගූණරත්න උදේ පුහුණුවීම් කරද්දි අාබාධයකට ලක්වුණා. එ් නිසා ඔහු වෙනුවට කුසල් මෙන්ඩිස් අද ක්‍රීඩා කරන්න වැඩි ඉඩක් තියෙනවා. එ් වගේම අකිල ධනංජයගේ සහට අමිල අපොන්සු ක්‍රීඩා කිරීමේ සූදානමක් තියෙනවා. බංගලාදේශයේ ප්‍රභල ක්‍රීඩකයින් කිහිප දෙනෙක් අද තරඟයට සහභාගී වෙන්නේ නෑ. එ්කත් ලංකාවට වාසියට හරවා ගන්න පුළුවන්.
ලංකාව අවසන් වරට සහභාගී වුණ අන්තිම T20 තරඟ 5 ම පරාජය වුණා. එ් නිසා අද තරඟය ජයග්‍රහණය කරන එක ලංකාවට ඉතාම වැදගත්.