News Line| Off Air
Generic placeholder image

Feb
15

T20 පරාජයේ නියඟයට මහා වැස්සක්. වාර්තා පිට වාර්තා තබමින් ශ්‍රී ලංකාව T20 ඉතිහාසය වෙනස් කරයි.

7081 Views


T20 පරාජයේ නියඟයට මහා වැස්සක්. වාර්තා පිට වාර්තා තබමින් ශ්‍රී ලංකාව T20 ඉතිහාසය වෙනස් කරයි.

කාලයකට පස්සේ වාර්තාගත දැවන්ත ජයග්‍රහණයක් ලබා ගන්න ලංකාවට පුළුවන් වුණා. එ් බංගලාදේශය සමඟ තිබුණ පළවෙනි T20 තරඟයෙන්. තරඟයේ කාසියේ වාසිය දිනා ගත්තේ බංගලාදේශ කණ්ඩායම. ඔවුන් මුලින්ම ලකුණු රැස් කරන්න තීරණය කරා.

බංගලාදේශ පන්දු පිතිනරුවන්ගෙන් දැවැන්ත ප්‍රහාරයක් ලංකාවට එල්ල වුණා. පළවෙනි කඩුල්ලට සෞම්‍ය සාකර් සහ සකීර් හසෙන් ලකුණු 49 ක වේගවත් සබඳතාවක් ගොඩනැගුවා. සකීර් ලකුණු 10 යි. වේගවත් ඉනිමක් ක්‍රීඩා කල සෞම්‍ය සාකර් ලකුණු 51 යි. එ් 4 පහර 6 ක් සහ 6 පහර 2 ක් එක්ක. මහමදුල්ලා සහ මුෂ්ෆිකර් රහීම් ලකුණු 73 ක ශක්තිමත් සබඳතාවක් ගොඩනැගුවා. මහමදුල්ලා ලකුණු 43 යි. සුපිරි ඉනිමක් ක්‍රීඩා කල මුෂ්ෆිකර් නොදැවී ලකුණු 66 යි. ඔහුගේ ඉනිමට 4 පහර 7 ක් සහ හයේ පහරක් අැතුලත් වුණා.

අවුරුදු 4 කට පස්සේ කණ්ඩායමට අාපු ජීවන් මෙන්ඩිස් කඩුලු 2 ක් දවා ගත්තා. තිසර, දනුෂ්ක සහ ඉසුරු එක කඩුල්ල බැගින් ලබා ගත්තා. පන්දුවාර 20 අවසන් වෙද්දී බංගලාදේශය ලකුණු 193 ක් ලබා ගත්තා. බංගලාදේශය T20 තරඟයකදී ලබා ගත්ත වැඩිම ලකුණු සංඛ්‍යාව විදියට වාර්තා අතරට ගියා.

ලකුණු 194 ක දැවැන්ත ඉලක්කයක් හඹා ගිය ලංකාවට සාර්ථක අාරම්භයක් ලබා දෙන්න කුසල් සහ දනුෂ්ක සමත් වුණා. ඔවුන් දෙදෙනා වේගවත් ලකුණු 53 ක සබඳතාවක් ගොඩනැගුවා. දනුෂ්ක ගුණතිලක අධිවේගි ලකුණු 30 යි. කුසල් ජනිත් වෙනුවට කණ්ඩායමට අාපු කුසල් මෙන්ඩිස් ලංකාව ජයග්‍රහණයේ මාවතට ගෙන ගියා. දැවැන්ත ඉනිමක් ක්‍රීඩාකල කුසල් ලකුණු 53 ක් ලබා ගත්තා. ඔහුගේ ඉනිමට 4 පහර 8 ක් සහ 6 පහර 2 ක් අැතුලත් වුණා. තරංග ලකුණු 4 කට දැවී ගියා.

දික්වැල්ල ලකුණු 11 ක් ලබාගෙන සිටියදී දැවී ගියා. බංගලාදේශය දෙසට හැරුණ ජයග්‍රහණය නැවතත් ලංකාවට හරවා ගන්න දසුන් ශානකගේ සහ තිසර පෙරේරාගේ දැවැන්ත ප්‍රහාරයට පුළුවන් වුණා. ලංකාව ජයග්‍රහණයට ගෙන ගිය ඔවුන් දෙදෙනා නොබිදුණු ලකුණු 65 ක සබඳතාවක් ගොඩනැගුවා. තිසර පෙරේරා අධිවේගී ලකුණු 39 ක් රැස් කරා. ඔහුගේ ඉනිමට 4 පහර 4 ක් සහ දැවැන්ත 6 පහර 3 ක් අැතුලත් වුණා. දසුන් ශානක නොදැවී ලකුණු 42 යි. 4 පහර 3 ක් සහ 6 පහර 3 කින් ඔහුගේ ඉනිම වර්ණවත් වුණා.

පන්දුවාර 16 යි පන්දු 4 කදී කඩුලු 4 ක් දැවී ලංකාව ජයග්‍රාහී සීමාව පහුකරා. T20 තරඟවලදී ලංකාව හඹා ගොස් ජයග්‍රහණය කර වැඩිම ලකුණු සංඛ්‍යාව විදියට වාර්තා අතරට ගියා. තරඟයේ වීරයා වුණේ කුසල් මෙන්ඩිස්. අවසන් T20 තරඟය ලබන 18 වනදා පැවැත් වෙනවා.


News Articles
Latest Videos
Most Popular Post