News Line| Off Air
Generic placeholder image

Latest Posts










Feb
15

“මට දරුවෙක් ලැබෙන්න ඉන්නවා කියන කතාව බොරුවක්. හැබැයි මම වික්ටර්ගෙන් දරුවෙක් බලාපොරොත්තු වෙනවා.” – ඇප ලබා එළියට ආ හෂිනි රත්නායක මාධ්‍යට කියයි.

685 Views


“මට දරුවෙක් ලැබෙන්න ඉන්නවා කියන කතාව බොරුවක්. හැබැයි මම වික්ටර්ගෙන් දරුවෙක් බලාපොරොත්තු වෙනවා.” – ඇප ලබා එළියට ආ හෂිනි රත්නායක මාධ්‍යට කියයි.

වික්ටර් රත්නායක කියන්නේ දැන් ලංකාවේ ඉන්න ජේෂ්ඨම ගායකයා. ඔහු අලුත බැදපු බිරිඳ නිසා පහුගිය කාලය පුරාම විවිධ පුවත් මැවුවා. වික්ටර් රත්නායක මහතාගේ බිරිඳ හසිනි අමේන්ද්‍රා කලින් වැඩ කළ රාජ්‍ය බැංකුවේ, රන් භාණ්ඩ වංචාවකට රක්ෂිත බන්ධනාගාර ගත කරා.

අැයව අැප මත නිදහස් කරන්න තංගල්ල මහේස්ත්‍රාත්වරයා නියෝග කරා. අැප කරුවන් පවුලේ ඥාතීන් වෙන්න ඕන කියලයි මහේස්ත්‍රාත්වරයා නියෝග කරේ. රුපියල් ලක්ෂ 2 බැගින් වුන ශරීර අැප දෙකක් සමඟ හසිනිගේ විදේශ ගමන් බලපත්‍රයත් අත්හිටෙව්වා.

ඒ අතර, හෂිනි ඇප අරගෙන එළියට එද්දී එක් මාධ්‍යවේදියෙක් පැතිරිලා යන කතාවක් ගැන ප්‍රශ්නයක් ඇහුවා. ඒ ඔබට දරුවෙක් පිළිසිඳගෙන තියෙන කතාව ඇත්තද කියල. ඒකට හසිනි කියල තියෙන්නේ, “නෑ…නෑ…ඒක බොරුවක්. ඒත් වික්ටර්ගෙන් මං ඒ දේ බලාපොරොත්තු වෙනවා. විවාහ වුන දවසේ ඉඳන් ඒ ප්‍රාර්ථනාව මම හැමදාම කරනවා.” කියලයි.

අැයට ලබන 16 වෙනිදා අායෙත් අධිකරණයේ පෙනී සිටින්න නියෝග කළා.


News Articles
Latest Videos
Most Popular Post