අද ගොඩක් ලග්න වලට මානසික පීඩා ඇති වෙන දවසක්. ඔබේ ලග්නයට කොහොමද කියලා මෙතනින් බලන්න.
1277 Views
අද පෙබරවාරි මස 16 වනදා
රාහු කාලය දිවා කාලය උදෑසන 10.55 සිට 12.25 දක්වා, රාත්‍රී කාලය සඳහා රාහු කාලය රාත්‍රී 10.54 සිට 12.25 දක්වා
සුභ දිශාව: උතුර
මරු සිටින දිශාව : ගිනිකොණ
මේෂ ලග්නය

නිවස ආශ්‍රිත කටයුතු වලට බහුලව වෙහෙස වන දිනයකි. ලිපි ලේඛන හා කලා කටයුතු වලට වඩාත් සුභ දිනයකි. කොන්ද හා තුනටිය ආශ්‍රිත රෝග තිබේනම් වහාම ප්‍රතිකාර සඳහා යොමුවීම වැදගත්. ශ්‍රමය යොදා කරන සෑම වැඩක්ම සාර්ථක වන දිනයකි. ආගමනුකුලව දිනය ආරම්භ කරන්න.
ජය වර්ණය: ලා රතු පැහැය ජය අංකය: 07
වෘෂභ ලග්නය

බොහෝ කාර්යයන් හමුවේ යම් මානසික පීඩා ඇතිවිය හැකි දිනයකි. නමුත් කල්පනාකාරීව වැඩ කටයුතු කිරීම තුල දිනය සාර්ථක කරගැනීමේ හා තම පෞරුෂය වැඩිදියුණු කරගැනීමේ හැකියාව පවතින දිනයකි. සෙම්සහිත රෝග වලින් පීඩා ඇතිවිය හැකි බැවින් වඩාත් ප්‍රවේසම් වන්න.
ජය වර්ණය: විසිතුරු පැහැය ජය අංකය: 03
මිථුන ලග්නය

මානසික පීඩා විටින් විට ඇතිවිය හැකි දිනයකි. හවුල් ව්‍යාපාර වල සාර්ථකත්වයක් ලැබිය හැකි දිනයකි. කරන සෑම කටයුතුතකින්ම ජය ලබාගත හැකි දිනයක් වන අතර ඉවසීමෙන් හා කල්පනාකාරීව වැඩ කටයුතු කිරීමට වග බලාගන්න.
ජය වර්ණය: ලා නිල් පැහැය ජය අංකය: 09
කටක ලග්නය

රැකියා ව්‍යාපාර කටයුතු පිළිබඳව සක සංකා ඇතිවන දිනයකි. සතුරු කරදරද වැඩි වන දිනයකි. මානසික අසහනතා මත වැඩ සියල්ල අකර්මන්‍ය වීමේ ඉඩකඩද පවතියි. සැලසුම් සහගතව කටයුතු සම්පාදනය කරගැනීම වඩාත් යහපත්. ආගමානුකුලව දිනය ආරම්භ කරන්න.
ජය වර්ණය: ලා කහ පැහැය ජය අංකය: 09
සිංහ ලග්නය

විවාහ හා ප්‍රේම සම්බන්ධතා කෙරෙහි වැඩි අවදානයක් දක්වන දිනයකි. කෙටි ගමන් බිමන් වලින් පීඩා ඇතිවිය හැකි දිනයකි. වෙනදට වඩා කායික හා මානසික පීඩා ඇතිවිය හැකි දිනයකි. කෙසේවුවත් කල්පනාකාරීව හා ඉවසිලිවන්තව වැඩ කටයුතු සිදුකිරීමට වග බලාගන්න.
ජය වර්ණය: රන්වන් පැහැය ජය අංකය: 07
කන්‍යා ලග්නය

කායික හා මානසික පීඩා ඇතිවන ස්භාවයක් පෙන්නුම් කරයි. මිතුරන්ගෙන් පවා ප්‍රවේසම් විය යුතු දිනයකි. අධ්‍යාපන වැඩ කටයුතු වලට මෙන්ම තම දූ දරුවන් සම්බන්ධ කටයුතු වලට වඩාත් යහපත් දිනයකි. ඉතාම යහපත් දිනයකි. උනන්දුවෙන් වැඩ කටයුතු ආරම්භ කරන්න. සංචාරක කටයුතු ව්ලාට වඩාත් යෝග්‍ය දිනයකි.
ජය වර්ණය: ලා නිල් පැහැය ජය අංකය: 06
තුලා ලග්නය

ඔබ කරනා කියන වැඩ කටයුතු බොහොමයකින් සාර්ථකත්වය උදාකර ගත හැකි දිනයකි. අධ්‍යාපනයේ යහපත් ඇසුර තුල තම දක්ෂතා ඔප් නංවා ගැනීමේ හැකියාව පවතින දිනයකි. සැලසුම් සහගතව කල්පනාකාරීව වැඩ කටයුතු ආරම්භ කරන්න. දිනය වඩාත් සුභ වේවි.
ජය වර්ණය: ලා රතු පැහැය ජය අංකය: 07
වෘශ්චික ලග්නය

බොහෝ බාධාකාරී තත්වයන් උද්ගත වුනත් ඔබේ වැඩ කටයුතු වඩාත් පහසුවෙන් කරගැනීමේ හැකියාව පවතින දිනයකි. අතිශය කාර්යබහුල විය හැකි දිනයක් වන නිසාම කල්පනාකාරී වන්න. කලා කටයුතු වලට ඉතාම යෝග්‍ය දිනයකි. එමෙන්ම තම සෞඛ්‍ය තත්වය පිළිබඳව වඩාත් සැලකිලිමත් වීමද වැදගත්. කොන්ද හා තුනටිය සම්බන්ධ රෝග තිබේනම් වහාම ප්‍රතිකාර සඳහා යොමුවන්න.
ජය වර්ණය: රතු පැහැය ජය අංකය:06
ධනු ලග්නය

ගන්නා තීන්දු තීරණ වඩාත් කල්පනාක්රිව ගතයුතු දිනයකි. වචන භාවිතයේදී වඩාත් ප්‍රවේසම් වන්න. රාජකාරි වැඩ කටයුතු වඩාත් වැඩි වන දිනයකි. කොන්ද හා තුනටිය සම්බන්ධ රෝග තිබේනම් වහාම ප්‍රතිකාර සඳහා යොමුවන්න. කලා කටයුතු වලට හා තාක්ෂණික මෙවලම් ආශ්‍රිත කටයුතු වලට වඩාත් සුභ දිනයකි. කල්පනාකාරීව කටයුතු කරන්න.
ජය වර්ණය: ලා කහ පැහැය ජය අංකය: 06
මකර ලග්නය

කායික හා මානසික පීඩා දුරුවීමේ ඉඩකඩ පවතින දිනයකි. හවුල් ව්‍යාපාර කටයුතු වකට මෙම තම රැකියා කටයුතු වලටද ඉතාම යහපත් දිනයකි. සමාජ සේවා ආදී කටයුතු වලටද වඩාත් යෝග්‍ය දිනයකි. ආගමානුකුලව දිනය ගත කරන්න.
ජය වර්ණය: රතු පැහැය ජය අංකය: 03
කුම්භ ලග්නය

රැකියා හා ව්‍යාපාර කටයුතු වල මෙන්ම යන්ත්‍ර හා තාක්ෂණික මෙවලම් ආශ්‍රිත කටයුතු වල යහපත් වෙනසක් හා දියුණුවක් අපේක්ෂා කල හැකි දිනයකි. නමුත් වඩාත් කල්පනාකාරීව කටයුතු වැඩ කටයුතු සම්පාදනය කරගැනීමට වග බලාගන්න.
ජය වර්ණය: ලා කහ පැහැය ජය අංකය: 08
මීන ලග්නය

රැකියා ව්‍යාපාර කටයුතු වල නිසි සැලසුම් සකස් කරන්න. වැඩ කටයුතු වඩාත් සාර්ථක වේවි. ආහාර සම්බන්ධ ප්‍රවේසම් විය යුතු දිනයකි. වඩාත් කල්පනාකාරී හා ප්‍රවේසම් විය යුතු දිනයකි. වැඩිහිටි උපදෙස් මත ක්‍රියා කරන්න. ඉවසිලිවන්ත වීමද වඩාත් වැදගත්. ආගමානුකුලව දිනය ආරම්භ කරන්න.
ජය වර්ණය: ලා කොළ පැහැය ජය අංකය: 03
ප්‍රවීණ ජ්‍යෝතිෂවේදී කැලුම් ගුණතිලක
දුරකථන: 076 676 53 53