News Line| Off Air
Generic placeholder image

Feb
17

රෝහල හදන්න හාරද්දී, ස්කැවේටර් යන්ත්‍රයේ පැටලුන දේ නිසා අවට පර්චස් දෙකක ඉදිකිරීම් තාවකාලිකව නවත්වයි. (PHOTOS)

1858 Views


රෝහල හදන්න හාරද්දී, ස්කැවේටර් යන්ත්‍රයේ පැටලුන දේ නිසා අවට පර්චස් දෙකක ඉදිකිරීම් තාවකාලිකව නවත්වයි. (PHOTOS)

දැන් කාලේ යුද්ධ කරන්න යොදාගන්න අවි වගේ නෙමෙයි, යටත් විජිත කාලේ යොදා ගත්ත අවි. එක අවියක් පාළනය කරන්න සෙබළු දෙතුන් දෙනෙක් අවශ්‍ය වුනා. ඒ වගේම තමයි කාලයක් යද්දී ඒ පාවිච්චි කරපු බර අවි කෞතුකාගාරවල, කෞතුක භාණ්ඩ විදිහට සංරක්ෂණය කෙරුනා. ඒ වුනත් මේ විදිහට සංරක්ෂණය නොවුන, පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට මුණ ගැහුනේ නැති තැන් ලංකාව පුරාම තවමත් තියෙනවා. ඒ වගේ තැන් මේ කාලේදී අපට හම්බවෙන්නේ එක එක විදිහේ ව්‍යාපෘති වලට ගොඩනැගිලි හදන්න ගියාම තමයි.

ඉතින් මේ විදිහට යටත් විජිත සමයට අයත් කියල විශ්වාස කෙරෙන කාලතුවක්කුවක් ත්‍රිකුණාමලයෙන් හම්බෙලා තියෙනවා. ඒ ත්‍රිකුණාමලය මහ රෝහලේ නව ගොඩනැගිලි සංකීර්ණයක් ඉදිකෙරෙන වැඩ බිමක තිබිලා. මේ කාලතුවක්කුව හම්බෙලා තියෙන්නේ ස්කැවේටර් යන්ත්‍රයකින් පොළොව කැණීම් කරමින් හිටපු පිරිසකට. ඔවුන් මේ ගැන ත්‍රීකුණාමලය වරාය පොලිසියට දැන්වීමෙන් පස්සේ වරාය පොලිසිය ඒක පරික්ෂා කරලා පුරා විද්‍යා දෙපාර්තමේන්තුව දැනුවත් කරලා තියෙනවා.

මේ හේතුව නිසා කාලතුවක්කුව හමුවුන ස්ථානයේ පර්චස් දෙකක පමණ ප්‍රමාණයක ඉදිකිරීම් තාවකාලිකව අත්හිටුවීමට පුරා විද්‍යා දෙපාර්තමේන්තුව කටයුතු කරලා තියෙනවා. අඩි 10ක් විතර දිගැති පිටුපස ගෝලාකාර හැඩයකින් යුක්ත මෙම කාලතුවක්කු මුව විවරෙහි විශ්කම්භය අඟල් 13 ක් විතර වෙනවා කියලයි පුරා විද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් කිව්වේ.


News Articles
Latest Videos
Most Popular Post