News Line| Off Air
Generic placeholder image

Feb
18

ශ්‍රී ලංකාව ඵෙතිහාසික ජයග්‍රහණයක් අභියස. අද තරඟයේ වැඩි වාසි කාටද? විශ්ලේෂණාත්මක වාර්තාව මෙන්න.

798 Views


ශ්‍රී ලංකාව ඵෙතිහාසික ජයග්‍රහණයක් අභියස. අද තරඟයේ වැඩි වාසි කාටද? විශ්ලේෂණාත්මක වාර්තාව මෙන්න.

ශ්‍රී ලංකාව සහ බංගලාදේශය අතර අවසන් T20 තරඟය අද පැවැත් වෙනවා. තරඟය ලංකාවේ වෙලාවෙන් හවස 4.30 ට අාරම්භ වෙනවා. අද තරඟය දෙපිළටම ඉතාම වැදගත්.

T20 තරඟාවලියත් ජයග්‍රහණය කරන්න නම් ලංකාව මේ තරඟය දිනන්න හරි ජය පරාජයෙන් තොරව හරි අවසන් කරන්න ඕන. තරඟාවලි පරාජයෙන් බේරෙන්න නම් බංගලාදේශය අනිවාර්යෙන් මේ තරඟය ජයග්‍රහණය කරන්න ඕනමයි. අවසන් තරඟයේදී හොඳ තරඟයක් දෙන්න දෙපිළටම පුළුවන් වුණා. බංගලාදේශය ලංකාවට එරෙහිව ලකුණු 193 ක් රැස් කරා. එ් නිසා ලංකාවේ පන්දු යවන්නන් අද තවත් කල්පනාවෙන් පන්දු යවන්න ඕන. පිතිකරුවන් අවසන් තරඟයේදී දක්වපු දක්ෂතා මේ තරඟයේදීත් පෙන්නුවොත් දිනන්න අමාරු නෑ.

පළවෙනි තරඟය අහිමි ව්‍රණ තමීම් ඉක්බාල් අද තරඟයට ක්‍රීඩා කරනවා. එ් නිසා ලංකාවට තවත් අභියෝගයක් එල්ල වෙනවා. ශ්‍රී ලංකා කණඩායමේ නම් කිසිදු වෙනසක් වෙන්නේ නෑ. නමුත් අසිත ප්‍රනාන්දු ෂෙහාන් මදුශංක කැදවන්න පුළුවන් කියලා ඉඟි පලවෙනවා.

T20 තරඟවලදී කඩුලු 50 ක් දවා ගත්ත ශ්‍රී ලංකීය පන්දු යවන්නන් අතරට එකතු වෙන්න තිසරට තව එක කඩුල්ලක් විතරයි අවශ්‍ය. එ් වගේම කාලයකට පස්සේ සංචාරයකදී ටෙස්ට්, එක්දින සහ T20 තරඟාවලි 3 ම ජයග්‍රහණය කිරීමේ අවස්ථාව අද ලංකාවට ලැබිලා තියෙනවා. කොහොම වුනත් අපි බලමු ලංකාවට එ් ඵෙතිහාසික ජයග්‍රහණය ලබා ගන්න පුළුවන් වෙයිද කියලා.


News Articles
Latest Videos
Most Popular Post