News Line| Off Air
Generic placeholder image

Feb
18

ජනපති අගමැති ගැටුම ඉවරයි. අගමැති කවුද? රජය කාගේද? අවසන් තීන්දුව මෙන්න. – Exclusive

11054 Views


ජනපති අගමැති ගැටුම ඉවරයි. අගමැති කවුද? රජය කාගේද? අවසන් තීන්දුව මෙන්න. – Exclusive

පළාත් පාලන ඡන්ද විමසීමෙන් පස්සේ ලංකාවේ දේශපාලනය අන් කිසිම දවසකට වඩා අස්ථාවර වුණා. ඒ අතර ප්‍රධානම කාරණය වුණේ ජනාධිපතිවරයා හා අගමැති වරයා අතර හට ගෙන තිබුණු මත ගැටුම. හැබැයි ඊයේ දවල් වෙද්දී ඒ සියලුම ගැටුම් නිරාකරණය වුණා කියලා වාර්තා වෙනවා. ඉන් අනතුරුව රටේ දේශපාලනයේ සිදුවෙන වෙනස් වීම් මෙන්න.

අගමැති රනිල්?

රනිල් වික්‍රමසිංහ මහතා තවදුරටත් අගමැති ධුරයේ කටයුතු කිරීමටත්, කැබිනට් මණ්ඩලය මුළු මනින්ම ප්‍රතිංවිධානය කිරීමටත් අවසන් වශයෙන් ජනපති අගමැති තීරණය කරලා. මේ කැබිනට් සංශෝධනය ලබන බ්‍රහස්පතින් දා සිදු කිරීමට නියමිතය.

 

සුසිල් ප්‍රේමජයන්ත විපක්ෂයට

නිමල් සිරිපාල සිල්වා මහතාව අගමැති කිරීමට අවශ්‍ය ඡන්ද සංඛ්‍යාව ලබා ගන්න අසමත් වුණු සුසිල් ප්‍රේමජයන්ත මහතා ඇතුළු ශ්‍රිලනිප මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකු විශේෂ පුවත්පත් සාකච්ඡාවක් කැදවා විපක්ෂයකට එක් වෙන්න සුදානමක් තියෙනෙවා කියලත් ආරංචි වෙනවා.

 

නීතිය හා සාමය ෆොන්සේකාට

කැබිනට් සශෝධනයේදී නීතිය හා සාමය අමාත්‍යාංශය ෆීර්ඩ් මාර්ෂල් සරත් ‍‍ෆොන්සේකා මහතාට දෙන්න කියලා ජනාධිපතිවරයා ඉල්ලීමක් කරලා තියෙනවා කියලත් ආරංචියි.

 

විදෙස් බලපෑම්

විදෙස් තානාපති කාර්යාල කිහිපයක්ම යහපාලන ආණ්ඩුව තවදුරටත් පවත්වාගෙන යාමට ජනපතිට හා අගමැතිවරයාට සහයෝගයෙන් කටයුතු කරන ලෙස දැනුම් දී ඇතැයි ද වාර්තා වේ.

 

“සන්සුන් වෙන්න” – රනිල් කියයි.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මුහුණදී සිටින අර්බුදය තේරුම්ගෙන සන්සුන්ව කටයුතු කරන ලෙසත්, සුසිල් ප්‍රේමජයන්තලා ඇතුළු ශ්‍රීලනිපය විපක්ෂයට යනබවත්, ලබන බ්‍රහස්පතින්දා නව කැබිනට් මණ්ඩලය දිවුරුම්දෙන බවත්, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ (17) පෙරවරුවේ ඒ මහතා හමුවීමට පැමිණි තරුණ මන්ත්‍රීවරු පිරිසකට පවසා තිබේ.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට පහරදීමට කාලය එළඹ ඇතැයි යනුවෙන් පවසමින් එම මන්ත්‍රීවරු ඊයේ (17) පෙරවරුවේ අග්‍රාමාත්‍යවරයා හමුවූ අවස්ථාවේදී ඔවුන් සන්සුන් කරමින් වික්‍රමසිංහ මහතා මෙසේ අවවාද කර තිබුණා.

රාජපක්ෂවරුන් සමඟ සන්ධානගතවුවහොත් ඔහුට හා පවුලට අත්වන ඉරණම සම්බන්ධයෙන් වඩාත් හොදින් දන්නේ සිරිසේන මහතා බවද වික්‍රමසිංහ මහතා එහිදී පවසා ඇත.

 

ව්‍යවස්ථාවට අනුකූලව විසඳගමු

මෙම අවස්ථාවේ ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූලව ගැටලු විසඳා ගැනීම වඩාත් යෝග්‍ය බවත්, ඒ අනුව ජනාධිපතිවරයාටත් පක්ෂයෙන් එල්ලවී ඇති අභියෝගවලින් ආරක්ෂාවීමට සිදුව ඇති බවද අග්‍රාමාත්‍යවරයා පවසා තිබේ.

 

අගමැති පොරොන්දුව

මොනම තත්ත්වයක් යටතේ වුවද, තම කටයුතු ඉදිරියටත් පවත්වාගෙන යාමට තමා ජනාධිපතිවරයාට පොරොන්දුව සිටින බවද අග්‍රාමාත්‍යවරයා හෙළිකර ඇත.


News Articles
Latest Videos
Most Popular Post