අද ලග්න තුනකට කායික හා මානසික පීඩා. ඔබේ ලග්නයට කොහොමද කියලා මෙතනින් බලන්න.
857 Views
අද පෙබරවාරි මස 19 වනදා
රාහු කාලය දිවා කාලය උදෑසන 07.56 සිට 09.25 දක්වා, රාත්‍රී කාලය සඳහා රාහු කාලය රාත්‍රී 07.52 සිට 09.24 දක්වා
සුභ දිශාව: උතුර
මරු සිටින දිශාව : ගිනිකොණ
මේෂ ලග්නය

රැකියා හා ව්‍යාපාර කටයුතු වල අපේක්ෂා කල හැකි දිනයකි. කරනා කටයුතු සියල්ලක්ම සාර්ථක වන දිනයකි. ජීවිතයට නව බලාපොරොත්තු ඇතිවන දිනයකි. ශ්‍රමය යොදා කරන සෑම වැඩක්ම සාර්ථක වන දිනයකි. ආගමනුකුලව දිනය ආරම්භ කරන්න.
ජය වර්ණය: ලා රතු පැහැය ජය අංකය: 09
වෘෂභ ලග්නය

චිත්ත පීඩා යටපත් වන දිනයකි. බොහෝ කාර්යයන් හමුවේ යම් මානසික පීඩා ඇතිවිය හැකි දිනයකි. නමුත් කල්පනාකාරීව වැඩ කටයුතු කිරීම තුල දිනය සාර්ථක කරගැනීමේ හා තම පෞරුෂය වැඩිදියුණු කරගැනීමේ හැකියාව පවතින දිනයකි. හාතුනටිව ආශ්‍රිත රෝග කෙරෙහි වැඩි සැලකිල්ලක් දිනයක්.
ජය වර්ණය: ලා දම් පැහැය ජය අංකය: 03
මිථුන ලග්නය

රැකියා හා ව්‍යාපාර කටයුතු තාක්ෂණික ම්නේවලම් ආශ්‍රිත කටයුතු සඳහාද ඉතාම සුභ දිනයකි. හවුල් ව්‍යාපාර වල සාර්ථකත්වයක් ලැබිය හැකි දිනයකි. සෞඛ්‍ය පිළිබඳව වඩාත් සැළකිලිමත් විය යුතු දිනයකි. කල්පනාකාරීව වැඩ කටයුතු කිරීමට වග බලාගන්න.
ජය වර්ණය: ලා කහ පැහැය ජය අංකය: 07
කටක ලග්නය

කල්පනාකාරීව තීන්දු ගතයුතු දිනයකි. කායික හා පීඩා ඇතිවීමේ වැඩි ඉඩකඩ පවතින දිනයකි. මානසික අසහනතා මත වැඩ සියල්ල අකර්මන්‍ය වීමේ ඉඩකඩද පවතියි. එබැවින් ඉවසීමෙන් යුතුව සැලසුම් සහගතව කටයුතු සම්පාදනය කරගැනීම වඩාත් යහපත්. ආගමානුකුලව දිනය ආරම්භ කරන්න.
ජය වර්ණය: ලා කහ පැහැය ජය අංකය: 06
සිංහ ලග්නය

කයික හා මානසික පීඩාකාරී තත්වයන් ඇතිවන දිනයකි. ආමාශගත රෝග අතිවීමෙට ඉඩකඩ පවතියි. කෙසේවුවත් කල්පනාකාරීව හා ඉවසිලිවන්තව වැඩ කටයුතු සිදුකිරීමට වග බලාගන්න.
ජය වර්ණය: ලා කහ පැහැය ජය අංකය: 07
කන්‍යා ලග්නය

විවාහ ජීවිතය ආශ්‍රිතව ප්‍රශ්න ඇතිවීමේ ඉඩකඩ පවතියි. කායික හා මානසික පීඩා යටපත් කරගැනීමේ හැකියාව පවතින දිනයකි. ඉවසීම ඔබට සැනසීම ගෙන දේවි. උනන්දුවෙන් වැඩ කටයුතු ආරම්භ කරන්න. සංචාරක කටයුතු ව්ලාට වඩාත් යෝග්‍ය දිනයකි.
ජය වර්ණය: ලා කොළ පැහැය ජය අංකය: 06
තුලා ලග්නය

ජවසම්පන්න කටයුතු වලට මෙන්ම ක්‍රීඩාවට ඉතාම යහපත් දිනයකි. ඔබ කරනා කියන වැඩ කටයුතු බොහොමයකින් සාර්ථකත්වය උදාකර ගත හැකි දිනයකි. සැලසුම් සහගතව කල්පනාකාරීව වැඩ කටයුතු ආරම්භ කරන්න. දිනය වඩාත් සුභ වේවි.
ජය වර්ණය: ලා රතු පැහැය ජය අංකය: 09
වෘශ්චික ලග්නය

චිතා පීඩා වැඩියෙන් ඔබේ වැඩ කටයුතු වලද බාධා ගෙන දෙන දිනයකි. ගමන් බිමන් වලදී වඩාත් ප්‍රවේසම් වන්න. බොහෝ බාධාකාරී තත්වයන් උද්ගත වුනත් ඔබේ වැඩ කටයුතු වඩාත් පහසුවෙන් කරගැනීමේ හැකියාව පවතින දිනයකි.වචන භාවිතයෙන් ඔබ රැකියා කරනවානම් ඔබට වඩාත් සුභ දිනයකි.
ජය වර්ණය: රන්වන් පැහැය ජය අංකය:04
ධනු ලග්නය

අධික කාර්යයබහුල දිනයකි. ගන්නා තීන්දු තීරණ වඩාත් කල්පනාකාරීව ගතයුතු දිනයකි. රාජකාරි වැඩ කටයුතු වඩාත් වැඩි වන දිනයකි. වචන භාවිතයේදී වඩාත් කල්පනාකාරී වන්න. කල්පනාකාරීව කටයුතු කරන්න.
ජය වර්ණය: ලා දම් පැහැය ජය අංකය: 07
මකර ලග්නය

හවුල් ව්‍යාපාර වලට ඉතාම යෝග්ට්‍ය දිනයකි. ලිපි ලේඛන ආශ්‍රිත කටයුතු වලටද ඉතාම සුභ දිනයකි. පාද හා දණහිස් ආශ්‍රිත රෝග කෙරෙහි වඩාත් සැළකිලිමත් වන්න. ජීවිතයට නව බලාපොරොත්තු ඇතිවන ඔබේ සිතෙහි සතුට වර්ධනය වන සුභ දින්ද්යකි. ආගමානුකුලව දිනය ගත කරන්න.
ජය වර්ණය: ලා දම් පැහැය ජය අංකය: 03
කුම්භ ලග්නය

රැකියා හා ව්‍යාපාර කටයුතු වල යම් යම් පීඩා ඇතිවිය හැකි දිනයකි. වැඩිහිටියන් සමග කරන ගනුදෙනු වලදී වඩාත් සැළකිලිමත් වන්න. නමුත් වඩාත් කල්පනාකාරීව කටයුතු වැඩ කටයුතු සම්පාදනය කරගැනීමට වග බලාගන්න.
ජය වර්ණය: ලා දම් පැහැය ජය අංකය: 09
මීන ලග්නය

මානව සම්පත් කළමනාකාරය ආශ්‍රිත කටයුතු වලට මෙන්ම ව්‍යාපාර කටයුතු වලට වඩාත් සුභ දිනයකි. රැකියා ව්‍යාපාර කටයුතු වල නිසි සැලසුම් සකස් කරන්න. කලා කටයුතු, රුපලාවන්‍ය කටයුතු වලටද යෝග්‍ය දිනයකි. ඉවසිලිවන්ත වීමද වඩාත් වැදගත්. ආගමානුකුලව දිනය ආරම්භ කරන්න.
ජය වර්ණය: ලා කොළ පැහැය ජය අංකය: 06
ප්‍රවීණ ජ්‍යෝතිෂවේදී කැලුම් ගුණතිලක
දුරකථන: 076 676 53 53