News Line| Off Air
Generic placeholder image

Feb
19

“අලුත් අගමැතිවරයෙක් පත් කරන්න කියල මම ලියුම් ලිව්වේ නෑ. පත්තරේ තියෙන කතාව බොරු” – මහින්ද අමරවීර සියතට කියයි.

707 Views


“අලුත් අගමැතිවරයෙක් පත් කරන්න කියල මම ලියුම් ලිව්වේ නෑ. පත්තරේ තියෙන කතාව බොරු” – මහින්ද අමරවීර සියතට කියයි.

ලංකාවේ දැන් තියෙන දේශපාලන කැලඹීමත් එක්ක කට කතා වලටත් තටු ලැබෙනවා. වෙනත් අගමැති කෙනෙක් මැතිසබයෙන් පත් කරන්න කියලා මහින්ද අමරවීර සහ සුසිල් ප්‍රේමජයන්ත ජනාධිපතිතුමාට ලිපියක් යවලා කියලා අද ජාතික පුවත් පතක් ප්‍රධාන සිරස්තලය විදියට වාර්තා කරලා තිබ්බා.

මහින්ද අමරවීර අැමතිතුමා එහෙම ලියුමක් යැවුවේ නෑ කියලා එතුමා සියත FM ප්‍රවෘත්ති අංශයට සදහන් කරලා තිබ්බා. ඊයේ දවසේදී එතුමා ප්‍රතිකාර ගන්න රෝහල් ගත වෙලා ඉදලා තියෙන්නේ. අද පාර්ලිමේන්තුවේදී කථානායකතුමත් එහෙම ලිපියක් හම්බුනේ නෑ කියල කිව්වා.

මේ වෙලාවේ මහින්ද අමරවීර අැමතිතුමා ජනාධිපතිතුමා සමඟ පැවැත්වෙන සාකච්ඡාවකට සහභාගී වෙලා ඉන්නවා. දේශපාලන කලබලයත් එක්ක ගොඩක් අය බොරු ප්‍රවෘත්ති ප්‍රචාරය කරනවා. වගකිව යුතු මාධ්‍ය අායතනයක් විදියට නිවැරදි පුවත් වාර්තා කරන්න අපි බැඳී ඉන්නවා. වර්තමානයේ ලංකාවේ දේශපාලනයේ තිරය පිටුපස සිදුවීම් නිවැරදිව දැන ගන්න දිගටම සියත 24 සමඟ රැඳී ඉන්න.


News Articles
Latest Videos
Most Popular Post