News Line| Off Air
Generic placeholder image

Latest Posts










Feb
20

පළාත් පාලන ආයතන වල වැඩ පටන් ගන්න බැරි වෙයිද? – මැ.කෝ. උත්තර දෙයි.

454 Views


පළාත් පාලන ආයතන වල වැඩ පටන් ගන්න බැරි වෙයිද? – මැ.කෝ. උත්තර දෙයි.

පළාත් පාලන ඡන්දය තියලා දැන් දවස් 10 ක් වෙනවා. එ්ත් තාම එකම පළාත් පාලන අායතනයක්වත් පිහිටුවලා නෑ. මේ ප්‍රමාදයට හේතුව මොකක්ද කියලා බීබීසී සිංහලසේවය මැතිවරණ කොමිසමේ සභාපතිගෙන් අැහුවා. එතුමා කියන විදියට නම් කාන්තාවන් තමයි මේකට හේතුව වෙලා තියෙන්නේ.

අලුත් ඡන්දය ක්‍රමයේ තියෙන නීතියක් තමයි 25% ක අනිවාර්ය කාන්තා නියෝජනය. එක් එක් දේශපාලන පක්ෂ වලින් පත් කරන්න ඕන කාන්තාවන් ගණන තාම තීරණය කරලා නැති නිසා මේ ප්‍රමාදය අැති වෙලා කියලයි මැකෝ නම් කියන්නේ. “අපි දැන් එ්ක ගණනය කරලා නිම කරලා තියෙනවා. පක්ෂවලින් එ්ක නම් කරලා එවුවහම ගැසට් නිවේදනය නිකුත් කරනවා” කියලයි ඔහු කිව්වේ.

කොහොම වුනත් සමහර පළාත් පාලන අායතනවල කාන්තාවන් පත් කරන එක ගැටලුවක් වෙලා තියෙනවෙ. එ්කට හේතුව මැතිවරණ කොමිසමේ සභාපති කිව්වේ මෙහෙමයි “සභා ජාති තුනක් තියෙනවා. කිසිම අව්‍රලක් නැතිව නියමිත ගාන පත්වෙන එ්වා. සමහර එ්වා තියෙනවා මොන ක්‍රමයෙන්වත් කාන්තා නියෝජනය 25% සාක්ෂාත් කරන්න බැරි එ්වා. එ් සභා එහෙම දුවන්න වෙනවා.”

බැරි වෙලාවත් කිසියම් පක්ෂයකට හිමි වෙලා තියෙන සභික සංඛ්‍යාව නිසා සමානුපාතික ක්‍රමය යටතේ කාන්තාවන් පත්කරන්න බැරි වෙන්න පුළුවන්. එ් වෙලාවට අායතනයේ සභිකයින් අතරින් කාන්තාවන් 25% පත් කිරීම අනෙක් පක්ෂවලට පැවරෙනවා. සමහර පළාත් සභාවල සභිකයන් සංඛ්‍යාවෙන් 50% කට වඩා ලබාගෙන තියෙන පක්ෂ තියෙනවා. එ් පළාත් පාලන අායතන වල නගරාධිපති හෝ නියෝජ්‍ය නගරාධිපති පත් කරන්න කියලා තේරීම්භාර නිලධාරීන් එ් පක්ෂයට දන්වනවා.

ඡන්දය තියලා මාසයක් යන්න කලින් පළාත් පාලන අායතන පිහිටුවනවා කියලා මැතිවරණ කොමිසමේ සභාපතිතුමා කිව්වා


News Articles
Latest Videos
Most Popular Post