News Line| Off Air
Generic placeholder image

Feb
20

තිසර පෙරේරා ලකාවට ඇවිත් බස් පදවන්න පටන් අරන් ? (Video) – Exclusive

7917 Views


තිසර පෙරේරා ලකාවට ඇවිත් බස් පදවන්න පටන් අරන් ? (Video) – Exclusive

බංගලාදේශ සංචාරයේදී තුන් ඉරියව්වෙන්ම දස්කම් දක්වපු ක්‍රීඩකයෙක් තමයි තිසර පෙරේරා. පන්දුවෙන් වගේම පිත්තෙනුත් වැඩ පෙන්නන්න තිසරට පුළුවන් වුනා. තිසරගේ තවත් සැඟවුන දස්කමක් හොයා ගන්න අපිට පුළුවන් වුණා.

කුසලාන තුනක් දිනපු ශ්‍රී ලංකා කණ්ඩායම ඊයේ හවස යළිත් මව්බිමට ආවා. ඒ වෙලාවේ ක්‍රීඩකයින්ව ක්‍රිකට් ආයතනයට එක්කන් යන්න අධි සුඛෝපභෝගී තිබුණා. අනිත් ක්‍රීඩකයින් තමන්ගේ බඩු බාහිරාදිය බසයට දාගන්නකම් තිසර දුවලා ගියේ බස් රථයේ රියදුරු අසුනට.

හරියට හුරුපුරුදු බස් රථ රියදුරෙක් වගේ රියදුරු අසුනේ වැඩිවුන තිසර බස්රථය පණ ගැන්නුවා. වටේ හිටිය හැමෝම හිතුවේ තිසර බස එක පදවන් යන්න හදනවා කියලා. ඒ අතරේ හෝන් එක ගහන්නත් තිසර අමතක කරේ නෑ. ක්‍රීඩකයෝ සේරම බස් එකට නැග්ගට පස්සේ තමයි තිසර රියදුරු අසුනෙන් බැස්සේ.

තිසරගේ මේ සෙල්ලම් ටික සියත 24 කැමරාවේ සටහන් වුනේ මෙහෙමයි.

https://www.facebook.com/siyathafmsrilanka/videos/1560345587374739/


News Articles
Latest Videos
Most Popular Post