සියත FM ඔස්සේ විකාශය වෙන “මහා රාවණා” වැඩසටහන රේඩියෝ ශ්‍රාවකයන් අතර ගොඩක් ජනප්‍රියයි. රාවණා ඉතිහාසය, රාවණා රජු ගැන සැඟවුණ තොරතුරු සහ රාවණා ඉගැන්වීම් ගැන “මහා රාවණා” වැඩසටහන ඔස්සේ ගෙන එනවා.
සියත FM “මහා රාවණා” වැඩසටහන ඉදිරිපත් කරන ගයාන් සඳකැලුම් මහතාට මහා රාවණා රසිකයන් විවිධ ගැටලු ඉදිරිපත් කරනවා. සියත FM අායතනයට එවන ලිපි මඟින් සමහරු ඔහුගෙන් ප්‍රශ්න අහලා එවනවා. නමුත් මෑතක ඉදන් ගයාන් සඳකැලුම් සහ සහශ්‍රමුඛ රාවණා නමින් ව්‍යාජ Facebook ගිණුම් හදා ගත්ත පිරිසක් ඉන්නවා. මේ ගැන හරි වැටහීමක් නැති මහා රාවණා ශ්‍රාවකයින් එම ගිණුම් වලටත් ප්‍රශ්න අහලා එවනවා.
රාවණා ඉතිහාසය ගැනවත් අල්ප දැනුමක් නැති මේ ව්‍යාජ ගිණුම්වල හිමිකරුවන් ප්‍රශ්න අහලා එවන අයව Block කරනවා. මේ නිසා මහා රාවණා ශ්‍රාවකයින් අතර මතයක් ගිහින් තියෙනවා ගයාන් සඳකැලුම් ප්‍රශ්න අහන අයව Block කරනවා, අපි අහන ප්‍රශ්න වලට උත්තර නැති නිසා ඔහු ප්‍රශ්න වලින් පැනලා යනවා කියලා. ඒ අතර සංවිධානාත්මක පිරිසක් විසින් ඔහුට මඩ ගහලා කෙටි පණිවිඩයක් ප්‍රචාරය කරනවා. ගයාන් සඳකැලුම් මහතා සියත 24 වෙත කිව්වේ 2018/02/19 දා සිට තමන් කිසිදු සමාජ මාධ්‍ය ජාලයක් භාවිත නොකරන බවයි. එ් නිසා මහා රාවණා ශ්‍රාවකයන් හට ඇතිවන ගැටළු සඳහා තමන්ගෙන් පිළිතුරු ලබා ගත හැක්කේ “මහා රවණා” වැඩසටහන, සියත FM, 117/10, හුණුපිටිය වැව පාර, කොළඹ 02 යන ලිපිනයට එවන ලිපි වලට පමණක් බවයි ගයාන් සඳකැලුම් මහතා වැඩි දුරටත අපිට කිව්වේ. ඒ නිසා මහා රවණා පිළිබඳව ඔබට ඇතිවන සියලු ගැටළු මෙම ලිපිනයට පමණක් එවන ලෙස ගයාන් සඳකැලුම් මහතා ඔබෙන් ඉල්ලා සිටිනවා.
මහා රාවණා වැඩසටහන හරහා රාවණාගේ ආධ්‍යාත්මික ශක්තීන් ගැන කියලා දෙනවා. එ් නිසා ගොඩක් අයට තියෙන ප්‍රශ්නයක් තමයි කොහොමද ආධ්‍යාත්මික වෙන්නේ කියන එක. මේ ප්‍රශ්නය අහලා ගොඩක් අය ගයාන් සඳකැලුම් මහතාට කෙටි පණිවිඩ එවලා තිබ්බා. නමුත් ඔහු කියන්නේ අධ්‍යාත්මික වීම Facebook හරහා හෝ දුරකතනයෙන් කියලා දෙන්න බෑ කියලා.
මහා රාවණා ශ්‍රාවකයින් වෙනුවෙන් එ් සඳහාත් වැඩපිළිවෙලක් සකස් කරලා තියෙනවා. එ් තමයි “මහා රාවණා ආධ්‍යාත්මික කවය”. මේ කවයට සම්බන්ධ වෙන අයට ගයාන් සඳකැලුම් මහතා අැතුළු රාවණා පිළිබද විද්වතුන් මුහුණට මුහුණ හමුවී තොරතුරු දැනගන්න අවස්ථාව ලැබෙනවා. මහා රාවණා ආධ්‍යාත්මික කවයට එකතු වෙන්න කැමති ඔබට දැන් අයදුම්පත් එවන්න පුළුවන්. ඉතාම නුදුරේදී මේ වැඩසටහන පටන් ගන්න ගයාන් සඳකැලුම් මහතා බලාපොරොත්තු වෙනවා.
ගයන් සඳකැලුම් මහතාට එරෙහිව ප්‍රචාරය වන කෙටි පණිවිඩය.