ලංකාවේ මේ දවස්වල තියෙන්නේ වියළි කාලගුණයක්. මධ්‍යම කදුකරයේ ප්‍රධාන ජලාශ අවටත් දැඩි නියඟයක් තියෙනවා. එ් නිසා ජලාශවල ජල මට්ටම සීඝ්‍රයෙන් පහත යනවා.
මේ ප්‍රශ්නයට විසඳුමක් හොයන්න විදුලිබල මණ්ඩලය තායිලන්තයෙන් ඉංජිනේරුවෝ පිරිසක් ගෙන්නලා තියෙනවා. එ් කෘතීම වැසි වස්සවන්න. ලංකාවට මේ වැඩේ අලුත් වුණාට ලෝකයේ දියුණු රටවල් මේ වැඩේ කරනවා. ගුවන් යානා සහ හෙලිකොප්ටර් යානා යොදාගෙන ජල පෝෂක ප්‍රදේශවලට ඉහළින් තියෙන වළාකුළු වලට රසායනික දියරයක් ඉසිනවා. එ් නිසා කෘතීම වැසි අැති වෙනවා.
ලෝකයේ කෘතීම වැසි අැති කිරීම ගැන පේටන් බලපත්‍රය හිමි එකම සමාගමේ ඉංජිනේරුවන් පිරිසක් තමයි මේ විදියට අැවිත් ඉන්නේ. මේ ඉංජිනේරුවන් කොත්මලේ, වික්ටෝරියා, රන්දෙණිගල ජලාශ නිරීක්ෂණය කරන්න නියමිතයි.