News Line| Off Air
Generic placeholder image

Latest Posts










Feb
22

ජනපති එනකොට අගමැති යයි. අද පාර්ලිමේන්තුවේ සිද්ධ වුණ දේ මෙන්න.

597 Views


ජනපති එනකොට අගමැති යයි. අද පාර්ලිමේන්තුවේ සිද්ධ වුණ දේ මෙන්න.

මේ දවස්වල ලංකාවේ දේශපාලන තත්වය ගැන අමුතුවෙන් කියන්න ඕන නෑනේ. පළාත් පාලන ඡන්දයෙන් පස්සේ ලොකු ගින්නක් දේශපාලනයේ හට ගත්තා. හැබැයි දැන් ගින්න නිවිලා තියෙන්නේ. එ් වුනත් අළු යට ගිනි පුපුරු නම් තාම නිවිලා නෑ. එ් නිසා කොයි වෙලේ අායේ ගින්න අැවිලෙයිද කියන්න බෑ.

අදත් පාර්ලිමේන්තුව සුපුරුදු පරිදි රැස් වුණා. අභාවප්‍රාප්ත වුණ මහාචාර්ය විශ්වා වර්ණපාල මහතා වෙනුවෙන් ශෝන යෝජනවා අද විවාදයට ගැනුණා. එ් නිසා ජනාධිපතිතුමාත් අද පාර්ලිමේන්කුවට අාවා. වෙනදට වඩා අද ජනාධිපතිතුමා පාර්ලිමේන්තුවට අාව එක ගැන හැමෝම කතා කරන්න ගත්තා.

එ් ජනාධිපතිතුමා එන්න කලින් අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තු සභා ගැබෙන් ඉවත් වුණා. අගමැතිතුමා එක්ක මලික් සමරවික්‍රම සහ කබීර් හෂීම් අැමතිවරු දෙන්නාත් පිටව ගියා. ඔවුන් ගියේ මොකටද කියලා නම් කවුරුවත් දන්නේ නෑ. හැබැයි වෙනදට නම් ජනාධිපතිතුමා පාර්ලිමේන්තුවට එද්දී අගමැතිතුමා කොහේවත් යන්නේ නෑ.


News Articles
Latest Videos
Most Popular Post