ලෝකයේ ධනවත් රටවල තියෙන උන්මාදයක් තමයි උස ගොඩනැගිලි හදන එක. ඩුබායි රාජ්‍ය එ් අතරින් ඉදිරියෙන් ඉන්නවා. අද හදන උසම ගොඩනැගිල්ලට වඩා උස එකක් හෙට හදනවා.
ලෝකයේ උසම හෝටලය ඩුබායි හිදී විවෘත කරා. හෝටලය නම් කරලා තියෙන්නේ “ගෙවෝරා” කියලා. උස මීටර් 356 ක්. ගෙවෝරා හෝටලය තරු 4 හෝටලයක්. මේ හෝටලයේ කාමර 600 ක් තියෙනවා.
අධි සුඛෝපබෝගී පහසුකම් මේ හෝටලයේ තියෙනවා. සුපිරි ඩුබායි නගරයේ ලස්සන බලන්න මේ හෝටලයේ ඉහළ ඉදන් පුළුවන්.
මේ තියෙන්නේ හෝටලයේ අැතුලත සහ පිටත ඡායාරූප.