අද එක ලග්නයකට තනතුරු ලැබෙන දවසක්. ඔබේ ලග්නයට කොහොමද කියලා මෙතනින් බලන්න.
558 Views
අද පෙබරවාරි මස 24 වනදා
රාහු කාලය දිවා කාලය උදෑසන 09.24 සිට උදෑසන 10.53 දක්වා, රාත්‍රී කාලය සඳහා රාහු කාලය රාත්‍රී 09.27 සිට රාත්‍රී 10.53 දක්වා
සුභ දිශාව: දකුණ
මරු සිටින දිශාව : නැගෙනහිර
මේෂ ලග්නය

අභියෝග ජයගෙන සාර්ථකව ගත කළහැකි දිනයකි. වැඩිහිටි උපදෙස් මත ක්‍රියා කිරීම වඩාත් වැදගත්. අවදානම් කටයුතු වලින් තොරව ප්‍රවෙසම්ව කටයුතු කරන්න. රැකි රක්ෂා තුල තැනට සුදුසු නුවනින් යුතුව කටයුතු කිරීමට වග බලාගන්න. ආගමානුකුලව දිනය ආරම්භ කරන්න.
ජය වර්ණය: රෝස පැහැය ජය අංකය: 05
වෘෂභ ලග්නය

නිහතමානිව ගත කළයුතු දිනයකි. අධ්‍යාපන වැඩ කටයුතු වලට සුභ දිනයකි. ඉවසීමෙන් යුතුව, තැනට සුදුසු නුවන යොදාගනිමින්, අන් අයගේ මෙන්ම විශේෂයෙන්ම වැඩිහිටයන්ගේ උපදෙස් මත ක්‍රියා කිරීම වඩාත් වැදගත් වන දිනයක්. කෝපය දුරලා අන් අය සමඟ වඩාත් සුහදව කටයුතු කිරීමට වග බලාගන්න.
ජය වර්ණය: සුදු පැහැය ජය අංකය: 03
මිථුන ලග්නය

වඩාත් කාර්යබහුල හා වියදම් පාර්ශවය අධික වන දිනයකි. විදෙස් ගමන් සම්බන්ධ වැඩ කටයුතු වලින් වඩාත් සාර්ථකත්වයක් ලබාගත හැකි දිනයක්. අධ්‍යාපන වැඩ කටයුතු වලටද සුභ දිනයකි. වැඩිහිටි උපදෙස් මත කල්පනාකාරීව කටයුතු කරන්න.
ජය වර්ණය: ලා කොළ පැහැය ජය අංකය: 05
කටක ලග්නය

ගමන් බිමන් වැඩියෙන් යෙදෙන දිනයකි. සිතට මෙන්ම ගතටද ඔබේ කේන්තිය බාධාවක් විය හැකි දිනයකි. අවිවාහක අය ආශාවන්ට ලොල් නොවී කටයුතු කිරීමට වග බලාගන්න. සිත පාලනය කරන්න. සතුරු පීඩා ඇතිවන දිනයකි.තම දෙමව්පියන්ට ආදරය හා සෙනෙහස දක්වන්න. ආගමනුකුලව දිනය ආරම්භ කරන්න.
ජය වර්ණය: රතු පැහැය ජය අංකය: 05
සිංහ ලග්නය

පින් දහම් වලට යොමුවන දිනයකි. රැකියා බාධා ඉවත්ව යන දිනයක් වන අතර විදෙස්ගත වීමට බලාපොරොත්තුවෙන් සිටියා නම් ඒ සඳහා උත්සාහ කරන්න ඉතාම සුභ දිනයක්. පවුලේ අය අතරද ගෞරවනීයව වැඩ කටයුතු කිරීම වැදගත් වන අතර දෙමව්පියන් වෙනුවෙන් වෙහෙස විය යුතු දිනයක්. ඉවසීමෙන් යුතුව කටයුතු කරන්න.
ජය වර්ණය: රන්වන් පැහැය ජය අංකය: 04
කන්‍යා ලග්නය

වන්දනා ගමන් හා විදෙස් ගමන් යාමට බලාපොරොත්තුවෙන් සිටි ඔබට වඩාත් යෝග්‍ය දිනයකි. ඔබේ වාසනාව ඉතාම සුභ ලෙස ඔබට බලපාන දිනයක්. අලුතින් දෙයක් ආරම්භ කරන්න. ආදායම් තත්වයද ඉතාම යහපත්. ඔබේ රෝගාබාධ දුරුවන දිනයක්. කල්පනාකාරීව හා ආගමානුකුලව කටයුතු කරන්න.
ජය වර්ණය: රතු පැහැය ජය අංකය: 05
තුලා ලග්නය

කෝපය දුරලා ඔබ වැඩ කටයුතු කළයුතු දිනයකි. වචන භාවිතයේදී වඩාත් ප්‍රවේසම් වීම වැදගත් වන දිනයකි. තැනට සුදුසු නුවනින් යුතුව කටයුතු කරන්න.සමාජයේ පිළිගැනීම ලබාගත හැකි දිනයක් වන නමුත් ඉවසිලිවන්තව හා සාමකාමිව දිනය ගත කරන්න.
ජය වර්ණය: සුදු පැහැය ජය අංකය: 03
වෘශ්චික ලග්නය

පවුලේ සතුට හා සමගිය වඩාත් වැඩි වන දිනයකි. විදෙස් ගමන් ඇතිවන දිනයකි. ඔබේ මතය අනුව කටුතු කිරීම හා අන් අය නොසලකා හැරීම නිසා පාඩු ඇතිවිය හැකි දිනයකි. වැඩිහිටි උපදෙස් මත පරාර්ථකාමිව කටයුතු කරන්න. ආශාවන්ට ලොල් නොවී කටයුතු කිරීමට වග බලාගන්න. දිනය වඩාත් යහපත් වේවි.
ජය වර්ණය: රතු පැහැය ජය අංකය:03
ධනු ලග්නය

ඔබ කරනා වැඩ කටයුතු වලින් වැඩි සාර්ථකත්වයක් ලැබිය හැකි දිනයකි. ඔබේ උත්සාහය අනුව දිනය සාර්ථක කරගත හැකිය. තනතුරු තානාන්තර ලැබිය හැකි සුභ දිනයකි. අධ්‍යාපන වැඩ කටයුතු හා රැකියා කටයුතු වලටඅවශ්‍ය වැඩ නොපමාව ඉටුකිරීමට ඉතාම සුභ දිනයක්. ආගමානුකුලව දිනය ගතකිරීම වඩාත් යහපත්.
ජය වර්ණය: විසිතුරු පැහැය ජය අංකය: 09
මකර ලග්නය

අධ්‍යාපන වැඩ කටයුතු වලට ඉතාම සුභ දිනයකි. රැකියා හා ව්‍යාපාර වැඩ කටයුතු වලට වෙනසක් අපේක්ෂා කළහැකි දිනයකි. කලකට පසු නොසිතූ අයුරින් ධන ලාභ ලැබෙන හා බලාපොරොත්තු සාර්ථක වන දිනයකි. දෙමව්පියන්ට කීකරුව වැඩ කටයුතු කරන්න. සෙම් රෝග හා පාද ආශ්‍රිත රෝග ඇතිවිය හැකි බැවින් වඩාත් ප්‍රවේසම් වීමද වැදගත් වන දිනයකි. වගකීමෙන් යුතුව කල්පනාකාරීව වැඩ කටයුතු කරගෙන යන්න.
ජය වර්ණය: නිල් පැහැය ජය අංකය: 02
කුම්භ ලග්නය

ඔබ යම් දෙයක් බලාපොරොත්තුවෙන් සිටිය නම් ඒ සඳහා අවශ්‍ය ආර්ථික ශක්තිය ඇතිවන දිනයකි. වෙනදට වඩා ආදායම් තත්වය වඩාත් යහපත් වන දිනයකි. ආමාශගත රෝග තිබෙනවානම් වඩාත් ප්‍රවේසම් විය යුතු දිනයකි. ඔබේ කාරුණික බව හා දෙමව්පියන්ගේ ආශිර්වාදය තුල දිනය වඩාත් යහපත් කරගැනීමේ හැකියාව පවතින දිනයකි.
ජය වර්ණය: රෝස පැහැය ජය අංකය: 01
මීන ලග්නය

යහපත් හා බලවත් දිනයකි. නමුත් නිහතමානිව මෙන්ම සාර්ථක තීරණ මත කටයුතු කළයුතු දිනයකි. මුදල් භාවිතයේදී ප්‍රවේසම් විය යුතු දිනයකි. සිතෙහි සතුට වැඩි වන, ආර්ථික තත්වය වඩාත් යහපත් වන දිනයකි. වැඩිහිටි උපදෙස් මත කටයුතු කිරීම වඩාත් යහපත් වන දිනයකි. ආගමානුකුලව දිනය ආරම්භ කරන්න.
ජය වර්ණය: ක්‍රීම් පැහැය ජය අංකය: 03
ප්‍රවීණ ජ්‍යෝතිෂවේදී වයි. එම්. කේ. යාපා බණ්ඩාර
දුරකථන: 0777 44 86 44