News Line| Off Air
Generic placeholder image

Feb
24

බ්‍රිගේඩියර් ප්‍රියංක ලංකාවට කැඳවුයේ ඇයි? යුධ හමුදාපති ඇත්ත හේතුව කියයි. – Exclusive

2618 Views


බ්‍රිගේඩියර් ප්‍රියංක ලංකාවට කැඳවුයේ ඇයි? යුධ හමුදාපති ඇත්ත හේතුව කියයි. – Exclusive

ශ්‍රී ලංකාවේ 70 වන නිදහස සමරපු පසුගිය පෙබරවාරි 4 වෙනිදා ලන්ඩන් නුවර ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය ඉදිරියේ කොටි හිතවාදී දෙමළ පිරිසක් විරෝධතාවක නිරත වුණා. ඒ අවස්ථාවේදී මහ කොමසාරිස් කාර්යාලයේ ආරක්ෂක උපදේශක බ්‍රිගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දු තම නිල ඇඳුමේ තියෙන සිංහ කොඩිය පෙන්වා ගෙල සිඳින අභිනයක් දැක්වුවා. මේ සිදුවීම ඊට පසුදා එළිවෙන කොට මුළු ලෝකේ පුරාම පැතිරුනා.

මේ සම්බන්ධව ඉක්මන් ක්‍රියාමාර්ගයක් ගන්න කියලා එංගලන්ත දේශපාලන පාර්ශව වලින් ඉල්ලීම් ආවා. ඒ අනුව විදේශ කටයුතු අමාත්‍යංශය බ්‍රිගේඩියර්වරයාගේ සේවය අත්හිටුවන්නට තීරණය කළා. නමුත් පසුව ජනාධිපති නියමයෙන් ඔහුව යළි සේවයේ පිහිටෙවුවා.

කෙසේවෙතත් පසුගියදා බ්‍රිගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දු ශ්‍රී ලංකාවට කැඳවීමට යුධ හමුදාව තීරණය කළා. නමුත් ගුවන් තොටුපොලේදී මාධ්‍ය වේදීන්ට ඔහු ලංකාවට පැමිණීම වාර්තා කිරීමට ඉඩ ලැබුනේ නැහැ. ගුවන් හමුදා වාහනයකින් බ්‍රිගේඩියර්වරයා ගුවන් තොටුපොලෙන් පිටතට රැගෙන ගියා.

ඒ අනුව හදිසියේම බ්‍රිගේඩියර් වරයා ලංකාවට කැඳවූ හේතුව අද යුධ හමුදාපති මහේෂ් සේනානයක මහතා මාධ්‍යට හෙළි කරා. වවුනියාවේ දී වන්නි ආරක්ෂක සේනා 56 වැනි සේනාංකයේ නව කාර්යාල සංකීර්ණය විවෘත කිරීමේ අවස්ථාවට එක්වූ මොහොතේ මාධ්‍යවේදීන් ඇසූ ප්‍රශ්ණයකට පිළිතුරු දුන් යුධ හමුදාපතිවරයා සඳහන් කරේ බ්‍රිගේඩියර්වරයාගේ ආරක්ෂාව වෙනුවෙන් ඔහු නැවත කැඳවා ගත් බවයි.

“හමුදාපති හැටියට මම නිලධාරීන් වෙනුවෙන් පෙනී සිටිනවා. හරිද වැරදිද කියල තීරණය කළ යුත්තේ වෙන කෙනෙක්.” යුද හමුදාපතිවරයා වැඩි දුරටත් පැවසුවා.

මෙම සිදුවීම පිළිබඳව මීට පෙර සියත 24 ගෙන ආ වාර්තා.

රටේම දේශාභිමානය අවදි කළ සිංහයා, බ්‍රිගේඩියර් ප්‍රියංකරගේ වගකීම් ආයෙත් දෙන්න ජනපති නියම කරයි. – හමුදා මාධ්‍ය ප්‍රකාශක සියතට කියයි.- Exclusive

“නරි රංචු පිටින් ආවට සිංහයා එන්නේ තනියම” – ලන්ඩන් කොටින්ට සිංහ කොඩිය පෙන්නු සිංහයාගේ Video එක මෙන්න.


News Articles
Latest Videos
Most Popular Post