News Line| Off Air
Generic placeholder image

Latest Posts










Feb
24

සජීවී වැඩසටහනක් අතරතුර රේඩියෝ නිවේදිකාව දරුවකු බිහි කරයි. (PHOTOS)

567 Views


සජීවී වැඩසටහනක් අතරතුර රේඩියෝ නිවේදිකාව දරුවකු බිහි කරයි. (PHOTOS)

ගුවන් විදුලි වැඩසටහනක් සජීවීව සිදුකරන අතරතුරදී දරුවකු බිහිකරන ලද නිවේදිකාවක් ගැන පුවතක් ඇමෙරිකාවෙන් වාර්තා වෙනවා. ඇය කැසීඬේ ප්‍රොක්ටර් සෙන්ට් ලූයිස්හි ආර්ච් ගුවන්විදුලියේ උදෑසන සජීවී විකාශයේ නිරත නිවේදිකාවක්.

ඇය දරුවකු බිහිකිරීමට සූදානමින් හිටපු නිවේදිකාවක්. ඇයගේ උදෑසන සජීවී විකාශය තරන අතරතුරදී ප‍්‍රසව වේදනාවෙන් පෙළීමට පටන් ගත්ත නිසා මේ ගුවන්විදුලිය එක්ක එ්කාබද්ධව කටයුතු කරන රෝහල් වෛද්‍යවරුන් ඇවිත් ඇයගේ සිසේරියන් සැත්කමක් සිදුකරලා තියෙනවා.

මේ සැත්කම සජීවී විකාශය අතරතුරදී සිදුකර ඇති අතර විකාශය අතරතුර නිවේදිකාව දරුවා බිහිකරමින් තම ගුවන්විදුලි ශ‍්‍රාවකයන් සමග කතාබහ කරලත් තියෙනවා. “මට ගොඩක් සතුටුයි මගේ ජීවිතයේ මෙතරම් විශේෂිත දිනයක් මගේ වැඩසටහන සුපුරුදු අසන්නන් සමග සජීවීව බෙදාහදා ගැනීමට හැකිවීම ගැන” ඇය තමන්ගේ රසිකයන්ට කිව්වේ එහෙමයි.

අලූත උපන් බිලිඳාගේ බර රාත්තල් 7යි අවුන්ස 6ක් වෙනවා. බිලිඳා නිරෝගී සුවයෙන් පසුවනවා කියල වෛද්‍යවරුන් කිව්වා කියලා එරට මාධ්‍ය වාර්තා සඳහන් කරනවා.

ඇය සමග සජීවී විකාශය කරන අනෙක් නිවේදකයා කියල තියෙන්නේ “ඇත්තෙන්ම එය අපූර්වතම, ළෙන්ගතු මොහොතක්…” වුනා කියලයි.

කොහොම වුනත් ඇමරිකාවේ සමහර මාධ්‍ය වාර්තා කරන්නේ නම් මෙම දරු පුසූතිය සජීවිව වැඩසටහන සිදුකරන අතරතුර සිදුකිරීමට සැලසුම් කර තිබූ දෙයක් කියලයි.

 


News Articles
Latest Videos
Most Popular Post