News Line| Off Air
Generic placeholder image

Latest Posts










Feb
24

“හතුරු අපි එක්ක හරිම මිතුරුයි. මෙච්චර ඉක්මණට හොදම 50 අතරට එන්න හිතුවේ නෑ.” – දැන් ලොව හොදම ටෙස්ට් සාමාන්‍යයක් සහිත පිතිකරුවා රොශේන් කියයි.

3423 Views


“හතුරු අපි එක්ක හරිම මිතුරුයි. මෙච්චර ඉක්මණට හොදම 50 අතරට එන්න හිතුවේ නෑ.” – දැන් ලොව හොදම ටෙස්ට් සාමාන්‍යයක් සහිත පිතිකරුවා රොශේන් කියයි.

රොෂේන් සිල්වා කියන්නේ ලංකාව අලුතින් හොයා ගත්ත හොඳම පිතිකරුවෙක්. රොෂේන් තාම ටෙස්ට් තරඟ 3 ක් විතරයි ක්‍රීඩා කරලා තියෙන්නේ. හැබැයි ඔහු මේ වෙද්දී ලෝකයේ හොදම ටෙස්ට් පිතිකරුවන් 50 අතරට අැවිත් ඉන්නවා.

විශේෂම කාරණය එ්ක නෙවෙයි. දැනට ලෝකයේ වැඩිම ටෙස්ට් ලකුණු සාමාන්‍යක් තියෙන පිතිකරුවා ඔහු. ඩොන් බ්‍රැඩ්මන් පවා ඉන්නේ ඔහුට පිටුපසින්. බ්‍රැඩ්මන්ගේ ටෙස්ට් පිතිකරණ ලකුණු සාමාන්‍ය 99.94 ක්. හැබැයි කිසිම ජාත්‍යන්තර ක්‍රිකට් වෙබ් අඩවියක්වත්, ක්‍රිකට් විචාරකයෙක්වත් මේ ගැන කතා කරලා නෑ. එ්කට හේතුව මොක්කද කියලා නම් දන්නේ නෑ.

සති අන්ත පුවත්පතක් රොෂේන්ගෙන් අහලා තිබ්බෙ ඔබ ඩොන් බ්‍රැඩ්මන්ට වඩා ඉදිරියෙන් නේද ඉන්නේ කියලා. හැබැයි රොෂේන් කිව්වේ “මම තාම ටෙස්ට් තරඟවලට ආව විතරයි. ඉතිං මාව ඔහුට සම කරන්න එපා.” කියලයි. එ් වගේම හතුරුසිංහගේ පූහුණු කිරීම් ගැනත් ඔහු අදහස් දැක්වුවා. “හතුරුසිංහ සර් අපිට හොදට ක්‍රීඩා කරන හැටි උගන්වනවා. කවදා හරි අපිට හොද තැනකට යන්න ඔහු උපකාරී වේවි. කියලයි රොෂේන් හතුරු ගැන කිව්වේ.


News Articles
Latest Videos
Most Popular Post