News Line| Off Air
Generic placeholder image

Latest Posts










Feb
26

කැබිනට් සංශෝධනයට කලින් අර්ජුණ රට ගියේ අැයි? ශ්‍රීලනිප කැබිනට් සංශෝධනයට කලින් එජාපයට තවත් සංශෝධනයක්. සම්පූර්ණ විස්තරය මෙන්න. – Exclusive

716 Views


කැබිනට් සංශෝධනයට කලින් අර්ජුණ රට ගියේ අැයි? ශ්‍රීලනිප කැබිනට් සංශෝධනයට කලින් එජාපයට තවත් සංශෝධනයක්. සම්පූර්ණ විස්තරය මෙන්න. – Exclusive

ඊයේ තිබ්බ කැබිනට් සංශෝධනය ගැන ජනතාව වගේම මැති අැමතිවරුත් හිටියේ ලොකු උනන්දුවකින්. එ් තමන්ට ලොකු අැමතිධූරයක් ලැබෙයි කියලා. හැබැයි හිතුව තරම් ලොකු දෙයක් නම් වුනේ නෑ. සමහර අැමතිවරුන්ට නම් තිබ්බ අමාත්‍යංශත් අහිමි වුණා.

එ් අතරේ සමහර අැමතිවරු කැබිනට් සංශෝධනයට විරෝධය පල කරලා රට ගියා. අර්ජුණ රණතුංග, සුසිල් ප්‍රේමජයන්ත, මහින්ද සමරසිංහ අැතුළු අැමතිවරු අැතුලත්. අර්ජුණ රණතුංග අැමතිතුමා තමයි උදේම රට ගියේ. ඛනිජ තෙල් හා පුනර්ජනනී බලශක්ති අමාත්‍යංශය ඔහුගෙන් ඉවත් කරන්න හදනවට විරෝධය දක්වලා.

අර්ජුණ අමාත්‍යවරයා පහුගිය පළාත් පාලන මැතිවරණයේදී එජාපයේ මැතිවරණ ව්‍යපාරයට සම්බන්ධ වුණේ නෑ. එ්කට එජාප මැති අැමතිවරු හිටියෙ ඔහුත් එක්ක නෝක්කාඩුවෙන්. එ් වගේම පහුගිය කාලයේ පෙට්‍රල් නැව් නැතුව ලොකු අර්බුදයක් රටේ අැතිවුණා. එ් නිසා අාණ්ඩුවට ලොකු කළු පැල්ලමක් අැතිවුණා. එ් දේවලට වගකියන්න ඕන අර්ජුන අැමතිතුමා කියලයි එජාපයේම සමහර අය චෝදනා කරේ.

මේ නිසා ඛනිජ තෙල් අමාත්‍යංශය තලතා අතුකෝරාල මහත්මියට හරි සාගල රත්නායක මහතාට හරි දෙන්න කියලයි යෝජනා වුනේ. එ් වගේම අජිත් පී පෙරේරා මහතාට තිබ්බ විදුලිබල නියෝජ්‍ය අැමතිකම වෙනුවට ලැබුනේ බන්ධනාගාර සහ පුනුරුප්ථාපන රාජ්‍ය අැමතිධූරය. එ්කට අජිත් අැමතිතුමාට හොදටම කේන්ති ගියා. කැබිනට් සංශෝධනය ඉවර වුන ගමන්ම ඔහු ගියේ අරලියගහ මන්දිරයට.

තමන්ට විදුලිබල රාජ්‍ය අැමතිධූරය දෙන්නේ නැත්තනම් පක්ෂයෙන් ඉවත් වෙනවා කියලා ඔහු අගමැතිතුමාට කිව්වා. ආයේ දේශපාලනය නොකර උපකාරක පන්ති කරගෙන ඉන්නවා කියලයි ඔහු කිව්වේ. විදුලිබල රාජ්‍ය අැමතිකම දෙනවා කියලා පොරොන්දු වෙලයි අජිත් අැමතිතුමාන සන්සුන් කරගත්තේ. අද උදේම එතුමා විදුලිබල අමාත්‍යංශයෙත් දිව්රුම් දුන්නා.

එක්සත් ජනතා නිදහස් සන්ධානයේ කැබිනට සංශෝධනය තවත් සති දෙකකින් වෙනවා කියලයි කිව්වේ. හැබැයි ඊට කලින් එජාපයේ තවත් කැබිනට් සංශෝධනයක් ඊට කලින් කරන්න නියමිතයි.

 


News Articles
Latest Videos
Most Popular Post